Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 31:13 - Sinhala Revised Old Version

13 හෙසකියා රජුගෙත් දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියාවූ අසරියාගෙත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදරවූ ෂිමෙයි යටතේ යෙහීයෙල්ද අසසියාද නහත්ද අසාහෙල්ද යෙරීමොත්ද යෝසාබාද්ද එලීයෙල්ද ඉස්මාඛියාද මාහත්ද බෙනායාද යන මොව්හු මුලාදෑනියෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 හෙසකියා රජුගේත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අශරියාගේත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදර වූ ෂිමෙයි යටතේ ජෙහීයෙල් ද අශශියා ද නහත් ද අසාහෙල් ද ජෙරීමොත් ද ජෝශාබාද් ද එලීයෙල් ද ඉස්මාකියා ද මහත් ද බෙනායා ද යන මොවුහු නිලධාරීන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 හෙසකියා රජුගේත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අශරියාගේත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදර වූ ෂිමෙයි යටතේ ජෙහීයෙල් ද අශශියා ද නහත් ද අසාහෙල් ද ජෙරීමොත් ද ජෝශාබාද් ද එලීයෙල් ද ඉස්මාකියා ද මහත් ද බෙනායා ද යන මොවුහු නිලධාරීන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 31:13
9 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ ගෘහයෙහි අධිපතියාවූ අහිටූබ්ගේ පුත්‍රවූ මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත්‍රවූ සෙරායාද,


ඇරත් පූජකයන්ද ලෙවීවරුන්ද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටින පිණිස ඔවුන්ගේ කොටස දෙන්ට කියා ඔහු යෙරුසලමෙහි විසූ සෙනඟට අණකෙළේය.


ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.


දෙගොල්ල ගැනම එකට පසඇට දමා බෙදුවෝය; මක්නිසාද ශුද්ධස්ථානයේ අධිපතියොත් දෙවියන්වහන්සේගේ අධිපතියොත් එලෙයාසර් පුත්‍රයන් අතරේ සහ ඊතාමාර් පුත්‍රයන් අතරේත් වූහ.


දෙවියන්වහන්සේගේ ගෘහයට අධිපතියාවූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත්‍රවූ ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ හිල්කියාගේ පුත්‍රයා වන අසරියාද;


එවිට කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමසයිගේ පුත්‍රවූ මාහත්ද අසරියාගේ පුත්‍රවූ යෝවෙල්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත්‍රවූ කීෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුත්‍රවූ අසරියාද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත්‍රවූ යෝවාද යෝවාගේ පුත්‍රවූ ඒදෙන්ද;


නැගෙනහිර දොරටු පාලයාවූ, ලෙවීයවූ, ඉම්නාගේ පුත්‍රවූ කෝරේ ස්වාමීන්වහන්සේගේ පඬුරුත් අති ශුද්ධදේත් බෙදාදෙන පිණිස සිය කැමැත්තෙන්ම දෙවියන්වහන්සේට ඔප්පුකළ දේවල් කෙරෙහි පත්ව සිටියේය.


ඔහුගේ අධිපතීහුද සෙනඟටත් පූජකයන්ටත් ලෙවීවරුන්ටත් සිය කැමැත්තෙන්ම දුන්නෝය. දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියෝවූ හිල්කියාද සෙකරියාද යෙහියෙල්ද පාස්කු පූජා පිණිස බැටළුපැටවුන් දෙදාස් හසියයකුත් ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්