ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා පවිත්‍රකරන්ට පටන්ගෙන, මාසයේ අටවෙනිදා ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපයට ආවෝය; අටදවසකින් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය පවිත්‍රකර, පළමුවෙනි මාසයේ දහසයවෙනිදා නිමකළෝය.
2 ලේකම් 30:3 - Sinhala Revised Old Version දෙවෙනි මාසයේ එය පවත්වන්ට රජද ඔහුගේ අධිපතීහුද සම්මතකරගත්තෝය. Sinhala New Revised Version දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ. Sinhala New Revised Version 2018 දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ. |
ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා පවිත්‍රකරන්ට පටන්ගෙන, මාසයේ අටවෙනිදා ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපයට ආවෝය; අටදවසකින් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය පවිත්‍රකර, පළමුවෙනි මාසයේ දහසයවෙනිදා නිමකළෝය.
නුමුත් පූජකයන් මදිවූ නිසා සියලු දවන පූජා හමගහන්ට බැරිවිය. ඒ නිසා ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු වැඩේ තීන්දුවෙන තුරුත් අනික් පූජකයන් පවිත්‍රවෙන තුරුත් ඔවුන්ට උදව්වූවෝය. මක්නිසාද තුමූම පවිත්‍රවීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංකව සිටියෝය.
යළිත් ඔව්හු දෙවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. පූජකයෝද ලෙවීවරුද ලජ්ජාවට පැමිණ, තුමූම පවිත්‍රවී, ස්වාමීන්වහන්සේගේ ගෘහයට දවන පූජා ගෙනාවෝය.
මක්නිසාද යූදාහි රජවූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක්ද පූජා සඳහා සභාවට දුන්නේය; අධිපතීහුද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක්ද පවිත්‍රවුණෝය.
පාස්කු බැටළුපැටවුන් මරන්න. නුඹලා පවිත්‍රව, මෝසෙස් අතින් ලැබුණ ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට කිරීමට නුඹලාගේ සහෝදරයන් උදෙසා උන් සූදානම්කරන්නැයි කීවේය.
පළමුවෙනි මාසයේ දස සතරවෙනිදා සවස පටන් විසි එක්වෙනිදා සවස දක්වා මුහුන් නුමුසු රොටි කන්නහුය.
එම මාසේ දස සතර වෙනි දවස දක්වා තබාගන්න. එවිට ඉශ්‍රායෙල් සමූහයා වන මුළු සභාව සවස ඌ මරා,