Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:34 - Sinhala Revised Old Version

34 නුමුත් පූජකයන් මදිවූ නිසා සියලු දවන පූජා හමගහන්ට බැරිවිය. ඒ නිසා ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු වැඩේ තීන්දුවෙන තුරුත් අනික් පූජකයන් පවිත්‍රවෙන තුරුත් ඔවුන්ට උදව්වූවෝය. මක්නිසාද තුමූම පවිත්‍රවීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංකව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එහෙත්, පූජකයන් මදි වූ නිසා සියලු දවන යාග පූජා සූදානම් කරන්න බැරි විය. ඒ නිසා ඔවුන්ගේ සහෝදර ලෙවීවරු, වැඩ කටයුතු නිම වන තුරුත්, අනික් පූජකයන් පවිත්‍ර වන තුරුත් ඔවුනට උදව් වූවෝ ය. මන්ද, තමන් පවිත්‍ර වීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංක ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එහෙත්, පූජකයන් මදි වූ නිසා සියලු දවන යාග පූජා සූදානම් කරන්න බැරි විය. ඒ නිසා ඔවුන්ගේ සහෝදර ලෙවීවරු, වැඩ කටයුතු නිම වන තුරුත්, අනික් පූජකයන් පවිත්‍ර වන තුරුත් ඔවුනට උදව් වූවෝ ය. මන්ද, තමන් පවිත්‍ර වීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංක ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:34
18 හුවමාරු යොමු  

ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝය, පූජකයෝද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝය, ලෙවීවරු සතුන් හමගැසුවෝය.


දෙවෙනි මාසයේ එය පවත්වන්ට රජද ඔහුගේ අධිපතීහුද සම්මතකරගත්තෝය.


මක්නිසාද විනිශ්චය ධර්මිෂ්ඨකමට හැරෙන්නේය. අවංක සිත් ඇති සියල්ලෝ එය අනුව යන්නෝය.


ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද,


මාගේ පලිහ අවංක සිත් ඇත්තන් ගළවන දෙවියන්වහන්සේ සමඟය.


ඔවුන්ට කථාකොට: ලෙවීවරුනි, මට ඇහුම්කන්දෙන්න; නුඹලාම දැන් පවිත්‍රවී, නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයත් පවිත්‍රකොට, ශුද්ධස්ථානයෙන් කිලුටුකම පහකරන්න.


මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි.


ඔව්හු නුඹටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් නුඹලාවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා.


ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයට ළංවෙන කල ඔවුන් අතරට වසංගතයක් නොපැමිණෙන පිණිස, සම්මුඛවීමේ කූඩාරමෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මෙහෙය කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ත්‍යාගයක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුනිමියි කීසේක.


ඉන්පසු ලෙවීවරු සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකරන පිණිස ඇතුල්වෙත්වා. එසේ ඔවුන් පවිත්‍රකර තේව පූජාවක් කොට ඔවුන් ඔප්පුකරන්න.


කැපකළ දේ නම් ගොන් හසියයකුත් බැටළුවන් තුන් දහසකුත්ය.


යළිත් ඔව්හු දෙවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. පූජකයෝද ලෙවීවරුද ලජ්ජාවට පැමිණ, තුමූම පවිත්‍රවී, ස්වාමීන්වහන්සේගේ ගෘහයට දවන පූජා ගෙනාවෝය.


මක්නිසාද යූදාහි රජවූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක්ද පූජා සඳහා සභාවට දුන්නේය; අධිපතීහුද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක්ද පවිත්‍රවුණෝය.


මක්නිසාද පූජකයෝද ලෙවීවරුද එක්කෙනෙකු මෙන් පිරිසිදුවී සිටියෝය; ඔවුන් සියල්ලෝ පිරිසිදුව සිට, වාල්කමෙන් මිදී ආ සියල්ලන් උදෙසාද පූජකයන්වූ තමුන්ගේ සහෝදරයන් උදෙසාද තමුන්ම උදෙසාද පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.


එහෙත් ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයෝව ගෘහයේ දොරටුවල රැකවල්ලුව ගෘහයේ සේවකයෝව සිටින්නාහුය. ඔවුන් වනාහි දවන පූජාව සහ යාගය සෙනඟට මරාදෙනවා ඇත, ඔවුන්ට සේවයකිරීමටද ඔවුන් ඉදිරියෙහි සිටිනවා ඇත.


එහෙත් පූජකයන් විසින් යෙහෝවාෂ් රජුගේ විසිතුන්වෙනි අවුරුද්ද දක්වා ගෘහයේ කැඩුම් හරි නොගස්සා තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්