Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:17 - Sinhala Revised Old Version

17 ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා පවිත්‍රකරන්ට පටන්ගෙන, මාසයේ අටවෙනිදා ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපයට ආවෝය; අටදවසකින් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය පවිත්‍රකර, පළමුවෙනි මාසයේ දහසයවෙනිදා නිමකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා දේව මාලිගාව පවිත්‍ර කරන්නට පටන්ගෙන, මාසයේ අට වන දා සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපයට ආවෝ ය. අට දවසකින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාව පවිත්‍ර කර පළමු වන මාසයේ දහසය වන දා එය නිම කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා දේව මාලිගාව පවිත්‍ර කරන්නට පටන්ගෙන, මාසයේ අට වන දා සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපයට ආවෝ ය. අට දවසකින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාව පවිත්‍ර කර පළමු වන මාසයේ දහසය වන දා එය නිම කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:17
8 හුවමාරු යොමු  

ද්වාරමණ්ඩපයේ දොරටුත් ඔව්හු වසා තබා, පහන් නිවා, ශුද්ධස්ථානයෙහි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට සුවඳ දුම්වත් දවන පූජාවත් ඔප්පු නොකළෝය.


ඔහු තමාගේ රජකම් කිරීමේ පළමුවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් ඇර ඒවා හරිගැස්සුවේය.


ඉස්සරහ තිබුණ ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, උස එකසිය විස්සක්ය. එහි ඇතුළත ඔහු පවිත්‍ර රනින් වැසුවේය.


එවිට දාවිත් දේවමාලිගාවේ ද්වාරමණ්ඩපෙයත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුල් ගෙවල්වලත්, කරුණාසනයේ ගෙයිත් ආදෘශ සටහනද,


ගෘහයේ මාලිගාව ඉස්සරහ තිබුණු ශාලාවේ දිග ගෘහයේ පළල හැටියටම රියන් විස්සක්ව, එහි පළල ගෘහය ඉස්සරහ රියන් දසයක්ව තිබුණේය.


එවිට ඔව්හු හෙසකියා රජු වෙතට රාජ මාලිගාව ඇතුළට ගොස් කථාකොට: අපි ස්වාමීන්වහන්සේගේ මුළු ගෘහයත් දවන පූජා පුදන පූජාසනයත් ඊට අයිති සියලු භාණ්ඩත් රොටි මේසයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදුකෙළෙමුව.


දෙවෙනි මාසයේ එය පවත්වන්ට රජද ඔහුගේ අධිපතීහුද සම්මතකරගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්