එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය.
2 ලේකම් 21:11 - Sinhala Revised Old Version ඇරත් ඔහු යූදා කඳුවල උස්තැන් සාදා යෙරුසලමේ වැසියන් වේශ්‍යාකමට පමුණුවා, යූදාවරුන් මුළාකෙරෙවුවේය. Sinhala New Revised Version ඇරත්, ඔහු ජුදා ගිරිකුළු දේවාල සාදා, ජෙරුසලමේ වැසියන් අන් දෙවිවරුන් ඇදහීමට පොළඹවා ජුදාවරුන් මුළා කරවී ය. Sinhala New Revised Version 2018 ඇරත්, ඔහු ජුදා ගිරිකුළු දේවාල සාදා, ජෙරුසලමේ වැසියන් අන් දෙවිවරුන් ඇදහීමට පොළඹවා ජුදාවරුන් මුළා කරවී ය. |
එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය.
යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.
නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝපකරන හැටියට අන් දෙවිවරුන්ද වාත්තු පිළිමද සාදාගන මට පිටිපෑ බැවින්,
යූදාහි රජවූ මනස්සේ මේ පිළිකුල්කම් කරමින් ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට, යූදාවරුන්ටද තමාගේ දේව රූපවලින් පව්කරන්ට සැලැස්වූ නිසා,
යෝරාම් යේහු දුටු විට: යේහු, සමාදානයෙන්දැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි කීවේය.
මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන් යටතෙන් අහක්වී සිටිති. තවද ලිබ්නාවරුත් එම කාලයේදී කැරළිගසා ඔහු යටතෙන් අහක්වුණෝය. මෙසේ වුණේ ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.
ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට පමුණුවා, නුඹේ පියාගේ වංශය වන නුඹට වඩා යහපත්වූ නුඹේ සහෝදරයන් මැරූ බැවින්,
නුමුත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය.
මක්නිසාද ඔව්හු තමුන්ගේ උස්තැන්වලින් උන්වහන්සේ කෝපයට පැමිණෙවුවෝය, තමුන්ගේ කැපූ රූපවලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය.
නුඹ විසින් ඔවුන්ගේ දූවරුන්ගෙන් නුඹේ පුත්‍රයන්ට පාවාගන්ටද ඔවුන්ගේ දූවරුන් තමන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කොට නුඹේ පුත්‍රයන්ද ඔවුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කිරීමටද සලස්වනු ලබනවා ඇත.
එසේය, නුඹලාගේ අයුතුකම්ද කඳු උඩ සුවඳ දුම් ඔප්පුකොට හෙල් උඩ මට අපහාස කළාවූ නුඹලාගේ පියවරුන්ගේ අයුතුකම්ද නිසා ඔවුන්ගේ ළයට ප්‍රතිඵල දෙන්නෙමි, ඔවුන්ගේ පළමු ක්‍රියාවල් ඔවුන්ගේ ළයට මැනදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එහෙත් ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කාමමිථ්‍යාචාරය කළ නිසා මම ඈ අත්හැරදමා ඇගේ අත්හැරීම් පත්‍රය ඈට දුන් නුමුත්, ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදාත් භය නොවී ගොස් වේශ්‍යාකම් කරන බව දුටිමි.
ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.
ඇගේ සහෝදරීවූ ඔහොලීබා මෙය දුටු නුමුත් ඈට වඩා ඇගේ ආලයෙන්ද ඇගේ සහෝදරීගේ වේශ්‍යාකම්වලට වඩා ඇගේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටලෙස හැසුරුණාය.
ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.
එප්‍රායිම් සුළං කන්නේය, පෙරදිග සුළං පස්සේද එළවාගන යන්නේය. ඔහු බොරු සහ බලාත්කාරකම නිරතුරුම වැඩිකරන්නේය; ඔව්හු අෂූර් සමඟ ගිවිසුමක් කරති, මිසරයට තෙල් ගෙනයති.
එම්බා ඉශ්‍රායෙල්, නුඹ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙරේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.
ඔවුන් යක්ෂයන් පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය.
මම ඒ මනුෂ්‍යයාටද ඔහුගේ පවුලටද විරුද්ධව මාගේ මුහුණ යොමුකොට, ඔහුද මොලෙක් සමඟ වේශ්‍යාකම් කරන්ට ඔහු සමඟ වේශ්‍යාකමට ගිය සියල්ලන්ද ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.
අසල්වාසීන්ගේ නග්නභාවය පෙනෙන ලෙස, නුඹේ කෝප විෂය යොදා, ඔවුන්ට බොන්ට දී මත්කරවන්නාවූ අයට දුක්වේ!
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.