මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.
2 ලේකම් 13:5 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කිරීම දාවිත්ටද ඔහුගේ පුත්‍රයන්ටද ලුණු ගිවිසුමකින් සදාකාලේටම දුන් බව නුඹලා දැනගතයුතු නොවේද? Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් කෙරෙහි රජකම් කිරීම දාවිත්ට ද ඔහුගේ පුත්‍රයන්ට ද නොබිඳෙන ගිවිසුමකින් සදහට ම දුන් බව ඔබ හැම දැනගත යුතු නොවේ ද? Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් කෙරෙහි රජකම් කිරීම දාවිත්ට ද ඔහුගේ පුත්‍රයන්ට ද නොබිඳෙන ගිවිසුමකින් සදහට ම දුන් බව ඔබ හැම දැනගත යුතු නොවේ ද? |
මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.
ස්වාමීන්වහන්සේ තමන් කී වචනය ඉෂ්ටකර තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ කී හැටියට මම මාගේ පියවූ දාවිත් වෙනුවෙන් නැගිට ඉශ්‍රායෙල් සිංහාසනයේ හිඳ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහය ගොඩනැගුවෙමි.
නුඹේ පියවරුන් ළඟට යාමට නුඹේ දවස් සම්පූර්ණවූ කල, මම නුඹේ පුත්‍රයෙක්වූ නුඹේම දරුවෙක් නුඹට පසුව පිහිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථිරකරන්නෙමි.
මාගේ ගෘහයෙහිද මාගේ රාජ්‍යයෙහිද ඔහු සදාකාලේටම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.
එබැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට කථාකොට: නුඹ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පවත්වන හැටියට තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිදීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ට කළමැනව.
තවත් මම කථාකොට: නුඹලා කරන දේ හොඳ නැත. අපේ සතුරන්වූ ජාතීන්ගේ නින්දා නිසා නුඹලා අපේ දෙවියන්වහන්සේට භය ඇතුව හැසිරිය යුතුනොවේද?
මම යාකොබ්ගේද මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේද වංශයත් එපාකොට, ඔහුගේ වංශයෙන් කෙනෙක් ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද වංශය කෙරෙහි ආණ්ඩුකිරීමට නොගෙන සිටින්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකොට ඔවුන්ට අනුකම්පාකරන්නෙමි.
උන් ස්වාමීන්වහන්සේ ඉදිරියට පමුණුවන්න. එවිට පූජකයෝ උන් පිට ලුණු දමා, දවන පූජාවක් කොට ස්වාමීන්වහන්සේට ඔප්පුකරත්වා.
රජ්ජුරුවෙනි, මහෝත්තම දෙවියන්වහන්සේ රජකමද මහන්තත්වයද ගෞරවයද මහිමයද ඔබගේ පියවූ නෙබුකද්නෙශර්ට දුන්සේක.
නුඹේ සියලු ආහාර පූජා ලුණෙන් රසකරන්න; නුඹේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු නුඹේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. නුඹේ සියලු පූජාවල් සමඟ ලුණු ඔප්පුකළ යුතුය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාකරන ශුද්ධ දේවලින් සියලු එසවීමේ පූජා නුඹටත් නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටත් නුඹේ දූවරුන්ටත් සදාකාලේට නියම කොටසක් කොට මා විසින් දී තිබේ. ඒක නුඹටත් නුඹ සමඟ නුඹේ වංශයටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තරවූ ලවණ ගිවිසුමක්යයි කීසේක.
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවත්,
ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.
එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක.