Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 6:16 - Sinhala Revised Old Version

16 එබැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට කථාකොට: නුඹ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පවත්වන හැටියට තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිදීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ට කළමැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වකීය මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පිළිපදින හැටියට තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැති ව නොයන්නේ ය’යි ඔබ වදාළ කාරණා ඔහුට ඉෂ්ට කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වකීය මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පිළිපදින හැටියට තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැති ව නොයන්නේ ය’යි ඔබ වදාළ කාරණා ඔහුට ඉෂ්ට කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 6:16
16 හුවමාරු යොමු  

මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයයන්ද ශික්ෂාද රක්ෂාකරමින් උන්වහන්සේගේ නියමය පවත්වන්න.


ඔවුන්ගේ පුත්‍රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක.


ඉශ්‍රායෙල්හි ආණ්ඩුකාරයෙක් වීමට නුඹෙන් කෙනෙක් නැතිව නොයන්නේය කියා මා විසින් නුඹේ පියවූ දාවිත්ට ගිවිස්වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිරකරන්නෙමි.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙය ඉශ්‍රායෙල් වංශයට කරන ලෙස මම ඔවුන්ගේ ඉල්ලීමට තව දුරටත් ඇහුම්කන්දෙන්නෙමි; රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.


නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.


මක්නිසාද ඔබගේ කරුණාගුණය මාගේ ඇස් හමුවෙහිය; ඔබගේ සැබෑකමෙහි හැසුරුණෙමි.


නුඹ ගොඩනගන මේ ගෘහය ගැන වනාහි, නුඹ මාගේ පනත්වල හැසිර මාගේ විනිශ්චයවල් ඉෂ්ටකර මාගේ සියලු ආඥා පවත්වමින් ඒ ප්‍රකාර හැසිරෙන්නෙහිනම්, නුඹේ පියවූ දාවිත්ට මා විසින් කී මාගේ වචනය නුඹට ඉෂ්ටකරන්නෙමි.


එබැවින් දැන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාවූ දාවිත්ට ඔබ කී ඔබගේ වචනය ස්ථිරවේවා.


තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.


නුඹේ ශරීර ඵලයෙන් නුඹේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂා කරන්නෝ නම්,


ඉතින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස කරමින්, මාගේ පනත්ද විනිශ්චයන්ද පවත්වන්නෙහි නම්:


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කිරීම දාවිත්ටද ඔහුගේ පුත්‍රයන්ටද ලුණු ගිවිසුමකින් සදාකාලේටම දුන් බව නුඹලා දැනගතයුතු නොවේද?


නුමුත් ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසාද ඔහුටත් ඔහුගේ දරුවන්ටත් සෑම කල්හිම පහනක් දෙන්ට පොරොන්දුවූ නිසාද දාවිත්ගේ වංශය නැතිකරන්ට අකැමැතිවූසේක.


මුළු සභාව දෙවියන්වහන්සේගේ ගෘහයේදී රජු හා සමඟ ගිවිසුමක් කරගත්තාය. යෙහෝයාදා ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජවිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්