මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගන, ගාත්ද ඊට අයිති නුවරවල්ද පිලිස්තිවරුන්ගේ අතින් ගත්තේය.
2 ලේකම් 11:8 - Sinhala Revised Old Version ගාත්, මාරෙෂා, ශීප්, Sinhala New Revised Version ගාත්, මාරේෂා, ශීප්; Sinhala New Revised Version 2018 ගාත්, මාරේෂා, ශීප්; |
මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගන, ගාත්ද ඊට අයිති නුවරවල්ද පිලිස්තිවරුන්ගේ අතින් ගත්තේය.
යූදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින්ද බෙන්යමින්ගෙන් පලිස් දරන දුනුගත් දෙලක්ෂ අසූදහසකින්ද යුක්තවූ සේනාවක් ආසාට සිටියාය. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.
ඔවුන්ට විරුද්ධව කූෂ්හි සෙරා දශලක්ෂයක් සෙනඟද රථ තුන්සියයක්ද අඩංගුවූ සේනාවක් ඇතුව පිටත්වී මාරෙෂා දක්වා ආයේය.
එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත්‍රවූ එලියෙසෙර් යෙහෝෂාපාට්ට විරුද්ධව අනාගතවාක්‍ය පවසමින්: නුඹ අහසියාට එකතුවුණු නිසා ස්වාමීන්වහන්සේ නුඹේ වැඩ බින්දසේකැයි කීයේය. තවද නැව් බිඳී තර්ෂිෂ්ට යන්ට බැරිවිය.
ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට, ගාත්හි පවුරත් යබ්නෙහි පවුරත් අෂ්දෝද්හි පවුරත් බිඳදමා, අෂ්දෝද් රටෙහිද පිලිස්තිවරුන් අතරේද නුවරවල් ගොඩනැගුවේය.
දාවිත් කාන්තාරයේ බලකොටුවල වාසයකරමින් ශීප් කාන්තාරයේ තිබෙන කඳු රටේ සිටියේය. සාවුල් හැමදාම ඔහු සෙවුවේය, නුමුත් දෙවියන්වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන්සේක.
එවිට ශීප් වැසියෝ ගිබියාහි සිටි සාවුල් ළඟට අවුත්: දාවිත් අප අතරේ මරුකතරට දකුණෙන් තිබෙන හකීලා හෙලේ කැලෑවේ බලකොටුවල සැඟවී සිටිනවා නොවේද?