Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:37 - Sinhala Revised Old Version

37 එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත්‍රවූ එලියෙසෙර් යෙහෝෂාපාට්ට විරුද්ධව අනාගතවාක්‍ය පවසමින්: නුඹ අහසියාට එකතුවුණු නිසා ස්වාමීන්වහන්සේ නුඹේ වැඩ බින්දසේකැයි කීයේය. තවද නැව් බිඳී තර්ෂිෂ්ට යන්ට බැරිවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත් එලියෙසර් ජෙහෝෂාපාට්ට විරුද්ධ ව දිවැස් වැකියක් පවසමින්, “ඔබ අහසියාට එකතු වූ නිසා සමිඳාණන් වහන්සේ ඔබේ වැඩ කඩාකප්පල් කළ සේකැ”යි කීයේ ය. තවද, නැව් බිඳී තර්ෂිෂ්ට යන්න ඒවාට බැරි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත් එලියෙසර් ජෙහෝෂාපාට්ට විරුද්ධ ව දිවැස් වැකියක් පවසමින්, “ඔබ අහසියාට එකතු වූ නිසා සමිඳාණන් වහන්සේ ඔබේ වැඩ කඩාකප්පල් කළ සේකැ”යි කීයේ ය. තවද, නැව් බිඳී තර්ෂිෂ්ට යන්න ඒවාට බැරි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:37
12 හුවමාරු යොමු  

ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.


නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.


මක්නිසාද හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබුණේය. ඒ තර්ෂිෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.


මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.


මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.


මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන නුඹ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් නුඹට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.


යෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර්ට යන්ට තර්ෂීෂ් නැව් සෑදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයින්ද ඒ නැව් එශියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.


ඔහු තර්ෂිෂ්ට යාමට නැව් සාදන පිණිස ඔහුට එකතුවිය. ඔව්හු එශියොන්-ගෙබෙර්හි නැව් සෑදුවෝය.


යෙහෝෂාපාට් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම් ඔහු වෙනුවට රජවුණේය;


ගාත්, මාරෙෂා, ශීප්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්