Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 18:1 - Sinhala Revised Old Version

1 මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගන, ගාත්ද ඊට අයිති නුවරවල්ද පිලිස්තිවරුන්ගේ අතින් ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, ගාත් ද ඊට අයිති නගර ද පිලිස්තිවරුන්ගේ අතින් පැහැර ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, ගාත් ද ඊට අයිති නගර ද පිලිස්තිවරුන්ගේ අතින් පැහැර ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 18:1
8 හුවමාරු යොමු  

පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්.


දාවිත් ගාත්ට පලාගිය බව සාවුල්ට දන්වනලද්දේය. ඔහු තවත් ඔහු නොසෙවුවේය.


එබැවින් ඔව්හු පණිවිඩ යවා, පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් තමුන් ළඟට රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන අප විසින් කුමක් කටයුතුදැයි කීවෝය. ඔව්හුද: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගාත්ට ගෙනයනු ලැබේවයි කීවෝය. එසේ ඔව්හු ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගෙනගියෝය.


එසේ ඔබගේ මෙහෙකරුවාගේ වංශයට ආශීර්වාදකරන්ට ඔබ ප්‍රසන්නවූයේ එය සදාකාලේටම ඔබ ඉදිරියෙහි පවතින පිණිසය. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ආශීර්වාදකළ බැවින් එය සදාකල්ම ආශීර්වාද ලබන්නේයයි කීයේය.


ඔහු මෝවබ්වරුන්ටත් පහරදුන්නේය; මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ වී කප්පන් ගෙනාවෝය.


පිලිස්තිවරුන් විසින් එක්‍රොන් පටන් ගාත් දක්වා ඉශ්‍රායෙල්වරුන්ගෙන් ගත්තාවූ නුවරවල් ඉශ්‍රායෙල්වරුන්ට නැවත ලැබුණේය; ඉශ්‍රායෙල්වරු ඒවායේ සීමාවලුත් පිලිස්තිවරුන්ගේ අතින් ගළවාගත්තෝය. ඉශ්‍රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ සමාදානය පැවතුණේය.


ගාත්, මාරෙෂා, ශීප්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්