ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 9:3 - Sinhala Revised Old Version

සාවුල්ගේ පියවූ කීෂ්ගේ කොටළුවෝ නැතිවුණෝය. කීෂ් තමාගේ පුත්‍රවූ සාවුල්ට කථාකොට: නුඹ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු අඬගහගෙන පිටත්ව ගොස් කොටළුවන් සොයාන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, “ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, “ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 9:3
7 හුවමාරු යොමු  

පුත්‍රයෝ තිස්දෙනෙක් ඔහුට සිටියෝය, නැගීයාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් ඔවුන්ට වූවෝය, නුවරවල් තිහක්ද ඔවුන්ට ගිලියද් දේශයෙහි තිබුණේය, ඒවාට හවෝත්-යායිර්යයි අද දවස දක්වා කියනු ලැබේ.


සුදු කොටළුවන් පිට නැගී යන නුඹලාත්, අනගි පලස් පිට හිඳින නුඹලාත්, මාර්ගයෙහි යන නුඹලාත් එය ප්‍රකාශ කරන්න.


සාවුල්ගේ බාප්පා: නුඹලා කොතැනට ගියාදැයි ඔහුගෙන්ද ඔහුගේ වැඩකාරයන්ගෙන්ද ඇසුවේය. අපි කොටළුවන් සොයන්ට ගියෙමුව. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට පැමුණුණෙමුයයි ඔහු කීවේය.


නුඹ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් නුඹට සම්බවන්නෝය; ඔවුන් නුඹට කථාකොට–නුඹ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. නුඹේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් නුඹලා ගැන ශෝකවන්නේයයි කියනවා ඇත.


ඔහුට සාවුල් නම්වූ තරුණ ශෝභන පුත්‍රයෙක් සිටියේය. ඔහුට වඩා ශෝභන කෙනෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ සිටියේ නැත. ඔහු සෙනඟ අතරේ සියලුදෙනාටම වඩා උරහිස පටන් ඉහළට උස්ව සිටියේය.


තුන් දවසකට පළමුවෙන් නැතිවූ නුඹේ කොටළුවන්ගේ කාරණය සිතට නොගන්න; උන් සම්බවුණාය. ඉශ්‍රායෙල්හි ආශාවිය යුතු සියල්ල කා උදෙසාද? නුඹ උදෙසාත් නුඹේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේදැයි කීවේය.


ඔහු එප්‍රායිම් කඳු රටෙහිද ෂාලිෂා රටෙහිද ඇවිද්ද නුමුත් උන් සම්බවුණේ නැත. ඔව්හු ෂාලීම් රටෙහිත් ඇවිද්දෝය, උන් එහිත් නැති බැවින් ඔහු බෙන්යමින් රටෙහිද ඇවිද්දේය. නුමුත් ඔවුන්ට උන් සම්බවුණේ නැත.