Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 9:4 - Sinhala Revised Old Version

4 ඔහු එප්‍රායිම් කඳු රටෙහිද ෂාලිෂා රටෙහිද ඇවිද්ද නුමුත් උන් සම්බවුණේ නැත. ඔව්හු ෂාලීම් රටෙහිත් ඇවිද්දෝය, උන් එහිත් නැති බැවින් ඔහු බෙන්යමින් රටෙහිද ඇවිද්දේය. නුමුත් ඔවුන්ට උන් සම්බවුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 9:4
9 හුවමාරු යොමු  

තවද බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් රොටිද යව රොටි විස්සක්ද අලුත් ගොයම් කරල්ද තමාගේ මල්ලේ දමා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙතට ගෙනාවේය. ඔහුද: සෙනඟට කන්ට දෙන්නැයි කීවේය.


ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ද මළේය; ඔව්හු ඔහුගේ පුත්‍රවූ පීනෙහාස්ට එප්‍රායිම් කඳුරටෙහි දෙනලද හෙලේ ඔහු තැන්පත් කළෝය.


යොහන්ද සාලිම් ළඟවූ ඒනොන් යන ස්ථානයෙහි බොහෝ වතුර තිබුණු බැවින් එහි බව්තීස්මකරමින් සිටියේය. මනුෂ්‍යයෝ ඇවිත් බව්තීස්ම කරනු ලැබුවෝය.


තවද ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටිය ඒ දවස්වලදී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ එක්තරා ලෙවීයයෙක් වාසයකෙළේය. ඔහු වනාහි යුදයේ බෙත්-ලෙහෙමෙන් උප භාර්යාවක් පාවාගත්තේය,


එප්‍රායිම් කඳු රටේ මීකා නම් මනුෂ්‍යයෙක් සිටියේය.


යාකොබ් පදන්-අරාමෙන් ආ කල්හි කානාන් දේශයෙහි තිබෙන ෂෙඛෙම් නුවරට සමාදානයෙන් ඇවිත් නුවර ඉදිරිපිට කූඩාරම් පිහිටුවා ගත්තේය.


ෂාලබ්බීන්ද ආයාලොන්ද ඉත්ලාද,


සාවුල්ගේ පියවූ කීෂ්ගේ කොටළුවෝ නැතිවුණෝය. කීෂ් තමාගේ පුත්‍රවූ සාවුල්ට කථාකොට: නුඹ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු අඬගහගෙන පිටත්ව ගොස් කොටළුවන් සොයාන්නැයි කීවේය.


එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්