Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 10:4 - Sinhala Revised Old Version

4 පුත්‍රයෝ තිස්දෙනෙක් ඔහුට සිටියෝය, නැගීයාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් ඔවුන්ට වූවෝය, නුවරවල් තිහක්ද ඔවුන්ට ගිලියද් දේශයෙහි තිබුණේය, ඒවාට හවෝත්-යායිර්යයි අද දවස දක්වා කියනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් වූවෝ ය. ඔවුන්ට ගිලියද් දේශයෙහි නගර තිහක් ද තිබුණේ ය. ඒවාට හවොත්-ජායිර් කියා අද දවස දක්වා කියනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් වූවෝ ය. ඔවුන්ට ගිලියද් දේශයෙහි නගර තිහක් ද තිබුණේ ය. ඒවාට හවොත්-ජායිර් කියා අද දවස දක්වා කියනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 10:4
8 හුවමාරු යොමු  

මනස්සේගේ පුත්‍රවූ යායිර් ගොස් එහි නුවරවල් අල්වා ගෙන ඒවාට හවොත්-යායිර්යයි නම් තැබීය.


පුත්‍රයෝ සතළිස් දෙනෙක්ද මුණුබුරෝ තිස්දෙනෙක්ද ඔහුට සිටියෝය, ඔව්හු කොටළුවන් සැත්තෑදෙනෙක් පිට නැගි ගියාහුය. ඔහු අට අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය.


සුදු කොටළුවන් පිට නැගී යන නුඹලාත්, අනගි පලස් පිට හිඳින නුඹලාත්, මාර්ගයෙහි යන නුඹලාත් එය ප්‍රකාශ කරන්න.


මනස්සේගේ පුත්‍රවූ යායිර් තෙම ගෙෂූර්වරුන්ගේද මාකාත්වරුන්ගේද සීමාව දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලාගන ඒවාට එනම් බාෂාන්ට අද දක්වා තිබෙන්නාක්මෙන් තමාගේ නාමය ප්‍රකාර හව්වොත්-යායිර්යයි නම තැබුවේය.)


ඔහුට පසුව ගිලියද්හි මනුෂ්‍යයෙක්වූ යායිර් නැගිට විසි දෑවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.


යායිර්ද නැසී කාමොන්හි තැන්පත්කරනු ලැබුවේය.


මේවා මොකටදැයි රජ ශීබාගෙන් ඇසුවේය. ශීබාද: කොටළුවන් රජ්ජුරුවන්ගේ පවුලට නැගීයන්ටත් රොටි හා ඉඳිඵල යෞවනයන්ට කන්ටත් මුද්‍රිකපානය කාන්තාරයේදී වෙහෙසෙන්නන්ට බොන්ටත්යයි කීවේය.


සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්