Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 5:10 - Sinhala Revised Old Version

10 සුදු කොටළුවන් පිට නැගී යන නුඹලාත්, අනගි පලස් පිට හිඳින නුඹලාත්, මාර්ගයෙහි යන නුඹලාත් එය ප්‍රකාශ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සුදු කොටළුවන් පිට නැඟී එන ඔබත්, බුමුතුරුණු පිට හිඳින ඔබත්, මඟ යන ඔබ හැම දෙනාත් එය ප්‍රකාශ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 සුදු කොටළුවන් පිට නැඟී එන ඔබත්, බුමුතුරුණු පිට හිඳින ඔබත්, මඟ යන ඔබ හැම දෙනාත් එය ප්‍රකාශ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 5:10
8 හුවමාරු යොමු  

පුත්‍රයෝ සතළිස් දෙනෙක්ද මුණුබුරෝ තිස්දෙනෙක්ද ඔහුට සිටියෝය, ඔව්හු කොටළුවන් සැත්තෑදෙනෙක් පිට නැගි ගියාහුය. ඔහු අට අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය.


පුත්‍රයෝ තිස්දෙනෙක් ඔහුට සිටියෝය, නැගීයාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් ඔවුන්ට වූවෝය, නුවරවල් තිහක්ද ඔවුන්ට ගිලියද් දේශයෙහි තිබුණේය, ඒවාට හවෝත්-යායිර්යයි අද දවස දක්වා කියනු ලැබේ.


උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කථාකරව්.


ජාතීහු නැගිට යෙහෝෂාපාත් මිටියාවතට නැගී එත්වා. මක්නිසාද වටකර සිටින සියලු ජාතීන් විනිශ්චයකරන්ට එහි හිඳගන්නෙමි.


විනිශ්චය කිරීමට හිඳින්නාට විනිශ්චයේ ආත්මයක්ද දොරටුව ළඟදී සටන ආපසු හරවන්නන්ට බලයද වනසේක.


දෙවියන්හන්සේගේ බලවත් ක්‍රියාත් උන්වහන්සේගේ රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස,


මම ඔබගේ ගෞරවයේ තේජෝමහිමයත් ඔබගේ පුදුම ක්‍රියාත් මෙනෙහිකරන්නෙමි.


ඔව්හු ජන සමාගමේදී උන්වහන්සේ උසස්කරමින්, වැඩිමහල්ලන්ගේ ආසනයේදී උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්