1 සාමුවෙ 26:6 - Sinhala Revised Old Version එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත්‍රවූ, යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයිටත් කථාකොට: සාවුල් ළඟට මා සමඟ කඳවුරට යන්නේ කවුදැයි ඇසුවේය. මම ඔබ සමඟ යමියි අබිෂයි කීවේය. Sinhala New Revised Version එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයිටත් කතා කොට, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට යන්නේ කවරෙක් දැ”යි ඇසී ය. “මම ඔබ සමඟ යමි”යි අබිෂයි පිළිතුරු දුන්නේ ය. Sinhala New Revised Version 2018 එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයිටත් කතා කොට, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට යන්නේ කවරෙක් දැ”යි ඇසී ය. “මම ඔබ සමඟ යමි”යි අබිෂයි පිළිතුරු දුන්නේ ය. |
ඒසව් සතළිස් අවුරුදු වයස්වූ කල හිත්තීය බෙයේරීගේ දූවූ යූදිත් හා හිත්තීය ඒලොන්ගේ දූවූ බසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.
යෙරුබ්බෙෂෙත්ගේ පුත්‍රවූ අබිමෙලෙක් මරනලද්දේ කා විසින්ද? තේබේශ්හිදී ස්ත්‍රියෙක් පවුරේ සිට ඔහු පිටට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නොවේද? නුඹලා එපමණ පවුරට ළංවුණේ මක්නිසාදැයි නුඹට කීවොත්–ඔබගේ සේවකයාවූ හිත්තීය උරියාද මළේයයි කියන්නැයි ඔහුට අණකෙළේය.
එවිට දුනුවායෝ පවුරේ සිට ඔබගේ සේවකයන්ට විද්දෝය; රජ්ජුරුවන්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මළෝය, හිත්තීය උරියා නම්වූ ඔබගේ සේවකයාත් මළේයයි කීවේය.
එවිට දාවිත්: හිත්තීය උරියා මා වෙතට එවන්නැයි යෝවාබ්ට කියා යැවීය. යෝවාබ් දාවිත් ළඟට උරියා හැරියේය.
නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.
රජ යෝවාබ්ටද අබිෂයිටද ඉත්තයිටද කථාකොට: මා නිසා ඒ යෞවනයාට, අබ්සලොම්ට මෘදුකමින් ක්‍රියාකරන්නැයි අණකෙළේය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට අණකරනවා මුළු සෙනඟට ඇසුණේය.
ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද දාවිත්ගේ සේවකයෝද පිටත්ව ගොස් ගිබියොන් පොකුණ ළඟදී මුණගැසී එක පක්ෂයක් පොකුණේ එක පැත්තකද අනික් පක්ෂය පොකුණේ අනික් පැත්තේද හිඳගත්තෝය.
ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.
ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නාමයක් ලැබීය.
මයකාතියයාගේ පුත්‍රයා වන අහස්බයිගේ පුත්‍රවූ එලිපෙලෙත්ය, ගීලොනිය අහිතොපෙල්ගේ පුත්‍රවූ එලියාම්ය;
රථයක් රිදී ෂෙකෙල් හසියයකටත් අශ්වයෙක් එකසිය පනහකටත් මිසරයෙන් ගෙනැවිත් විකුණන්ට යෙදුණේය. ඔවුන් එනකොට හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ඔව්හු එලෙසම ගෙනත් දුන්නෝය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ රථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා,
යෝෂුවා කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම නුඹලා ඉදිරියෙන් කානානිවරුන්ද හිත්තීවරුන්ද හිවීවරුන්ද පෙරිස්සිවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන බවත් නුඹලා මෙයින් දැනගන්නහුය.
මෙසේ දාවිත්ද අබිෂයිද රාත්‍රියෙහි සෙනඟ ළඟට පැමිණිවිට, සාවුල් තමාගේ හෙල්ලය තමාගේ හිස ළඟ බිම සිටුවා, ගැල් තිබුණු ස්ථානයේ නිදා ඉන්නවා දුටුවෝය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදාඋන්නෝය.