Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 11:21 - Sinhala Revised Old Version

21 යෙරුබ්බෙෂෙත්ගේ පුත්‍රවූ අබිමෙලෙක් මරනලද්දේ කා විසින්ද? තේබේශ්හිදී ස්ත්‍රියෙක් පවුරේ සිට ඔහු පිටට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නොවේද? නුඹලා එපමණ පවුරට ළංවුණේ මක්නිසාදැයි නුඹට කීවොත්–ඔබගේ සේවකයාවූ හිත්තීය උරියාද මළේයයි කියන්නැයි ඔහුට අණකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ජෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මරන ලද්දේ කවරෙකු විසින් ද? තේබේශ්හි දී ස්ත්‍රියක පවුරේ සිට ඔහු පිට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නො‍වේ ද? ඔබ එපමණ පවුරට ළං වුණේ මන්දැ’යි ඔබට කීවොත්, ‘ඔබේ සේවකයා වන හිත්තීය උරියා ද මළේ ය’යි දන්වන්නැ”යි ඔහුට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ජෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මරන ලද්දේ කවරෙකු විසින් ද? තේබේශ්හි දී ස්ත්‍රියක පවුරේ සිට ඔහු පිට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නො‍වේ ද? ඔබ එපමණ පවුරට ළං වුණේ මන්දැ’යි ඔබට කීවොත්, ‘ඔබේ සේවකයා වන හිත්තීය උරියා ද මළේ ය’යි දන්වන්නැ”යි ඔහුට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 11:21
11 හුවමාරු යොමු  

එවිට යෙරුබ්බාල් නම්වූ ගිඩියොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද අලුයම නැගිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.


නුඹේ අත් නොබඳිනලද්දේය, නුඹේ පාදවල විලංගු නොදමනලද්දේය. දුෂ්ටයන් ඉදිරිපිට මනුෂ්‍යයෙක් වැටෙන්නාක්මෙන් නුඹ වැටුණෙහියයි කීවේය. නැවතද මුළු සෙනඟ ඔහු ගැන ඇඬුවෝය.


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබ්බාල් යන නම තැබුවේය.


ඔවුන් සියල්ලෝ නුඹට කථාකොට: නුඹත් අප මෙන් බෙලහීනවූයෙහිද? නුඹ අප හා සමානවූයෙහිදැයි කියන්නෝය.


මාගේ සියලු වරදවලින් මා මිදුව මැනව. අඥානයාට මා නින්දා හේතුවක් නොකළ මැනව.


නුවර මනුෂ්‍යයෝ පිටතට ඇවිත් යෝවාබ් සමඟ යුද්ධකළෝය. එවිට සෙනඟගෙන් එනම් දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් වැටුණෝය; හිත්තීය උරියාද මැරුම් කෑවේය.


රජු කෝපවී: නුඹලා සටන්කරන පිණිස නුවරට එපමණ ළංවුණේ මක්නිසාද? ඔවුන් පවුරේ සිට විදින බව දන්නේ නැද්ද?


මෙසේ පණිවිඩකාරයා ගොස් යෝවාබ් තමා අත කියා හැරිය සියල්ල දාවිත්ට දැන්නුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්