ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ වංශයෙන්ද දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්ද එනසේකැයි ශුද්ධලියවිල්ලෙහි කියා තිබෙනවා නොවේදැයි කීවෝය.
1 සාමුවෙ 20:6 - Sinhala Revised Old Version ඉදින් මා කොතනද කියා නුඹේ පියා ඇසුවොත්: ස්වකීය නුවරවූ බෙත්-ලෙහෙම්හි මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජාවක් ඔප්පුකරන බැවින් එහි ගොහින් එන්ට ඔහු උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේයයි කියන්න. Sinhala New Revised Version ඉදින් මා කොහේ ද කියා ඔබේ පියා ඇසුවොත්, ‘ඔහු තමාගේ නුවර වන බෙත්ලෙහෙමේ සිටින මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජා ඔප්පු කරන බැවින්, එහි ගොස් එන්නට උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේ ය’යි කියන්න. Sinhala New Revised Version 2018 ඉදින් මා කොහේ ද කියා ඔබේ පියා ඇසුවොත්, ‘ඔහු තමාගේ නුවර වන බෙත්ලෙහෙමේ සිටින මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජා ඔප්පු කරන බැවින්, එහි ගොස් එන්නට උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේ ය’යි කියන්න. |
ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ වංශයෙන්ද දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්ද එනසේකැයි ශුද්ධලියවිල්ලෙහි කියා තිබෙනවා නොවේදැයි කීවෝය.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.
තරුණය, නුඹ කාගේ පුත්‍රයාදැයි සාවුල් ඔහුගෙන් ඇසීය. මම ඔබගේ මෙහෙකරුවූ බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙක්මියි දාවිත් උත්තරදුන්නේය.
ඔව්හු උත්තරදෙමින්: ඉන්නවාය; ඔහු නුඹ ඉදිරියෙහිය. ඉක්මන්කරන්න, මක්නිසාද උස් තැනදී අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට ඇවිත් සිටියි.