Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:7 - Sinhala Revised Old Version

7 ඉදින් ඔහු: හොඳයයි කීවොත්, නුඹේ මෙහෙකරුවාවූ මට සමාදානය ලැබෙයි. ඔහු කිපුණොත්, ඔහු විසින් මට නපුරක් නියමකරගන තිබෙන බව දැනගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඉතින් ඔහු, ‘හොඳයි’ කීවොත්, ඔබේ මෙහෙකරු වන මට අනතුරක් නොවන බව එයින් පෙනෙනු ඇත. එහෙත්, ඔහු කිපුණොත්, ඔහු මට නපුරක් කරන්නට අදහස් කරගෙන සිටින බව එයින් පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඉතින් ඔහු, ‘හොඳයි’ කීවොත්, ඔබේ මෙහෙකරු වන මට අනතුරක් නොවන බව එයින් පෙනෙනු ඇත. එහෙත්, ඔහු කිපුණොත්, ඔහු මට නපුරක් කරන්නට අදහස් කරගෙන සිටින බව එයින් පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:7
6 හුවමාරු යොමු  

ඒ නිසා දැන් ඔබ ඒ දැනගන කුමක් කටයුතුදැයි කල්පනාකළ මැනවි; මක්නිසාද අපේ ස්වාමියාටත් ඔහුගේ මුළු පවුලටත් විරුද්ධව අනතුරක් නියමකර තිබේ. ඔහු වනාහි යමෙකුට ඔහු සමඟ කථාකරන්ට බැරි තරම් දුර්ජනයෙක්යයි කීය.


රජ කෝපව මුද්‍රිකපාන මංගල්‍යයෙන් නැගිට මාලිගාවේ උයනට ගියේය. රජු විසින් තමාට විරුද්ධව නපුරක් නියමකර තිබෙන බව දැක හාමාන් තමාගේ ප්‍රාණය උදෙසා එස්තර් බිසවට කන්නලව්කරන්ට නැවතුණේය.


ඒ කීමට අබ්සලොම්ද සියලු ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද ප්‍රසන්න වූහ.


යොනාතාන්ද: නුඹට එසේ නොවේවා. නුඹ පිටට නපුරක් පමුණුවන්ට මාගේ පියා නියමකරගන සිටින බව මම ඇත්තටම දැනගතිම්නම් මා ඒක නුඹට දන්වන්නේ නැද්දැයි කීවේය.


ඒ කාරණය මටත් හොඳව පෙනුණේය. මම ගෝත්‍රයකට එක්කෙනෙකු බැගින් නුඹලාගෙන් මිනිසුන් දොළොස්දෙනෙකු ගතිමි.


එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසිකෙළේය. දාවිත් මරන්ට තමාගේ පියා නියමකරගන සිටින බව එයින් යොනාතාන් දැනගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්