1 සාමුවෙ 16:6 - Sinhala Revised Old Version ඔවුන් ආ කල ඔහු එලියාබ් දෙස බලා: සැබෑවටම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ උන්වහන්සේ ඉදිරියෙහි සිටීයයි කියාගත්තේය. Sinhala New Revised Version ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, “සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය. Sinhala New Revised Version 2018 ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, “සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය. |
දොර් නම් කඳුකරය මුළුල්ලෙහි සිටිය බෙන්-අබිනාදාබ්ය; ඔහුගේ භාර්යාව සාලමොන්ගේ දුවවූ තාපත්ය.
නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සදාකල්ම රජව සිටීමට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත්සේක. මක්නිසාද උන්වහන්සේ යූදාද යූදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුලද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට මා පත්කරන්ට මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්නවූසේක.
තවද රෙහොබොවම් දාවිත්ගේ පුත්‍රවූ යෙරිමොත්ගේද යෙස්සේගේ පුත්‍රවූ එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේද දූවූ මාහලත් භාර්යාව කොට පාවාගත්තේය.
එවිට ඔහු සෙබා හා ශල්මුන්නාට කථාකොට: නුඹලා තාබොර්හිදී මැරූ අය කොයි ආකාර මිනිස්සුදැයි ඇසුවේය. ඔව්හු උත්තරදෙමින්: ඒ අයද නුඹ වාගේය, එකිනෙකා පෙනීමෙන් රාජකුමාරයන්ට සමානයයි කීවෝය.
යෙස්සේගේ වැඩිමහල් පුත්‍රයන් තුන්දෙනා සාවුල් අනුව යුද්ධයට ගියෝය. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාගේ නාම මෙසේය: කුලුඳුලා එලියාබ්ය, දෙවෙනියා අබිනාදාබ්ය, තුන්වෙනියා ෂම්මාය.
දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.