Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 16:5 - Sinhala Revised Old Version

5 සමාදානයෙන්ය. ස්වාමීන්වහන්සේට පූජාකරන්ට ආවෙමි. නුඹලා පවිත්‍රවී මා සමඟ පූජාවට එන්නැයි ඔහු කීවේය. ඔහු යෙස්සේද ඔහුගේ පුත්‍රයන්ද පවිත්‍රකොට පූජාවට කැඳෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සාමුවෙල් පිළිතුරු දෙමින්, “සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සාමුවෙල් පිළිතුරු දෙමින්, “සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 16:5
16 හුවමාරු යොමු  

යෝෂුවාද: හෙට ස්වාමීන්වහන්සේ නුඹලා අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්‍රවෙන්නැයි සෙනඟට කීවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.


නුමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසිකොට, ඒ රොටි කෑවාවේ,


නුඹ නැගිට සෙනඟ පවිත්‍රකරන්න, ඔවුන්ට කථාකොට: නුඹලා හෙට දවසට පවිත්‍රවෙන්න. මක්නිසාද ඉශ්‍රායෙල්වරුනි, නුඹලා අතරේ කැපවූ දෙයක් තිබේ, කැපවූ දෙය නුඹලා අතරෙන් පහකරන තුරු නුඹලාගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට නුඹලාට බැරිවේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


සෙනඟ රැස්කර, ශුද්ධවූ සභාවක් පවත්වන්න, මහල්ලන් එකතුකර, ළමයින්ද කිරිදරුවන්ද එක්කාසුකරන්න. මනමාලයා තමාගේ ගෙයින්ද මනමාලී ඇගේ ඇතුල් ගෙයින්ද පිටතට එත්වා.


ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.


සෙනඟ එහා මෙහා ගොස් ඒවා රැස්කරගන ඇඹරුම් ගලෙන් අඹරා නොහොත් වනේ ලා කොටා සැළියක උයා කැවිලි සෑදුවෝය. එහි රස අලුත් තෙල් රස හා සමානය.


එවිට යාකොබ් තමාගේ පවුලටත් තමා සමඟ සිටි සියල්ලන්ටත් කථාකොට: නුඹලා අතරෙහි ඇත්තාවූ අන් දෙවිවරුන් පහකර දමා, පවිත්‍රවී, නුඹලාගේ වස්ත්‍ර මාරුකරන්න.


එහෙත් සාවුල් ඒ දවසේ කිසිවක් කීවේ නැත. මක්නිසාද: ඔහුට මොකක් නුමුත් වෙලාය, ඔහු පවිත්‍ර නැත; ඇත්තටම පවිත්‍ර නැතැයි ඔහු කල්පනා කෙළේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ. ස්වාමීන්වහන්සේ පූජාවක් පිළියෙළකොට, තමන් විසින් කැඳෙවු අය කැපකර තිබේ.


එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා සාලමොන්ගේ මෑණියන්වූ බැත්-ෂෙබා ළඟට ආයේය. නුඹ එන්නේ සමාදානයෙන්දැයි ඈ ඇසුවාය. සමාදානයෙන්යයි ඔහු කීය.


එවිට තිස්දෙනාගේ ප්‍රධානියාවූ අමාසයි පිටට ආත්මය පැමිණ ඔහු කියනුයේ: දාවිත්නි, අපි නුඹේ පක්ෂයටද, යෙස්සේගේ පුත්‍රය, අපි නුඹ සමඟද සිටින්නෙමුව. සමාදානය, සමාදානයම නුඹට වේවා, නුඹට උපකාරකරන්නන්ටත් සමාදානය වේවා; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේ නුඹට උපකාරකරනසේකැයි කීවේය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන හමුදාවේ ප්‍රධානීන් කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්