Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 2:13 - Sinhala Revised Old Version

13 යෙස්සේට දාව ඔහුගේ කුලුඳුලාවූ එලියාබ්ද දෙවෙනියාවූ අබිනාදාබ්ද තුන්වෙනියාවූ ෂිමෙයාද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ජෙස්සේට දාව ඔහුගේ කුලුඳුලා වූ එලියාබ් ද, දෙවැනියා වූ අබිනාදාබ් ද, තුන්වැනියා වූ ෂිමෙයා ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ජෙස්සේට දාව ඔහුගේ කුලුඳුලා වූ එලියාබ් ද, දෙවැනියා වූ අබිනාදාබ් ද, තුන්වැනියා වූ ෂිමෙයා ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:13
10 හුවමාරු යොමු  

යෙස්සේගේ වැඩිමහල් පුත්‍රයන් තුන්දෙනා සාවුල් අනුව යුද්ධයට ගියෝය. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාගේ නාම මෙසේය: කුලුඳුලා එලියාබ්ය, දෙවෙනියා අබිනාදාබ්ය, තුන්වෙනියා ෂම්මාය.


යූදාවරුන්ට දාවිත්ගේ සහෝදරයෙක්වූ එලිහූය. ඉස්සාඛර්වරුන්ට මීකායෙල්ගේ පුත්‍රවූ ඔම්රීය.


ඔහු ඉශ්‍රායෙල්වරුන්ට මිගාකී කල දාවිත්ගේ සහෝදරයා වන ෂීමියාගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරුවේය.


ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: නුඹ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා නුඹ කාට භාරදී ආවාද? නුඹේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; නුඹ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.


දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය.


බෝවස්ට දාව ඕබෙද්ද ඕබෙද්ට දාව යෙස්සේද උපන්නෝය;


සතරවෙනියාවූ නෙතනෙල්ද පස්වෙනියාවූ රද්දයිද;


ඔව්හු අසාහෙල් රැගෙන බෙත්-ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය. යෝවාබ්ද ඔහුගේ මිනිස්සුද මුළු රාත්‍රියේ ගොස් එළිවෙන කොට හෙබ්‍රොන්ට පැමුණුණේය.


නුමුත් දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් නම්වූ මිත්‍රයෙක් අම්නොන්ට සිටියේය. යොනාදාබ් ඉතා උපා දක්ෂ මනුෂ්‍යයෙකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්