ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.
1 සාමුවෙ 10:10 - Sinhala Revised Old Version ඔවුන් ඒ හෙල ළඟට පැමිණි කල, බලව, ප්‍රොපේත කණ්ඩායමක් ඔහුට සම්බවිය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි ආනුභාසම්පන්නව පැමිණියේය, එවිට ඔහු ඔවුන් අතරේ ධර්මවාක්‍ය පැවසුවේය. Sinhala New Revised Version සාවුල් සහ ඔහුගේ සේවකයා හෙල ළඟට පැමිණි කල, දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු, ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පැවසුවේ ය. Sinhala New Revised Version 2018 සාවුල් සහ ඔහුගේ සේවකයා හෙල ළඟට පැමිණි කල, දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු, ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පැවසුවේ ය. |
ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.
ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිම්ට විරුද්ධව ජයගත්තේය.
සාවුල් මේ වචන ඇසූ විට දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ කෝපයද අතිශයින් ඇවුළුණේය.
එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේපකෙළේය. එදින පටන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය.
මාගේ සිතේද මාගේ කල්පනාවේද හැටියට කරන්නාවූ විශ්වාසවූ පූජකයෙකු මම නැගුටුවාගෙන, ඔහුට ස්ථිරවූ වංශයක් උපදවා දෙන්නෙමි; ඔහු මාගේ අභිෂේකලත් තැනැත්තා ඉදිරියෙහි සෑමකල්ම හැසිරෙන්නේය.