Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 15:14 - Sinhala Revised Old Version

14 ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැඟුවෝ ය. සමිඳාණන්ගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සොන් කෙරෙහි පැමිණියේ ය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නෙන් දැවී ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ද ලිහී වැටුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැඟුවෝ ය. සමිඳාණන්ගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සොන් කෙරෙහි පැමිණියේ ය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නෙන් දැවී ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ද ලිහී වැටුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 15:14
22 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය.


ඔව්හු මා වටකළෝය; එසේය, මා වටකළෝය. ස්වාමීන්ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි.


මම ඌ පස්සේ ගොස් ඌට ගසා උගේ කටින් බැටළුවා ගළවාගත්තෙමි. ඌ මට විරුද්ධව නැගිට්ට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි.


සාවුල් මේ වචන ඇසූ විට දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ කෝපයද අතිශයින් ඇවුළුණේය.


එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු තමාගේ අතේ කිසිවක් නැතුව එළුපැටවෙකු ඉරාදමන්නාක්මෙන් ඌ ඉරාදැමීය. නුමුත් ඔහු කළ දේ තමාගේ පියාටවත් මවුටවත් දැන්නුවේ නැත.


ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිම්ට විරුද්ධව ජයගත්තේය.


එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.


එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.


උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති.


දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද?


ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට පැමිණි කල සියලු ඉශ්‍රායෙල්වරු පොළොව දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.


සෙනඟ ඔහු දුටු කල තමුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝය. මක්නිසාද: අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළාවූ, අපෙන් බොහෝ දෙනෙකු මැරුවාවූ අපේ සතුරා අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය.


එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන එයින් ඔහු බැඳ: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. මනුෂ්‍යයෝද ඇතුල් ගෙයි සැඟවී බලා සිටියෝය. ඔහු ඒවා නූල් පටක් මෙන් තමාගේ අත්වලින් කඩාදැමුවේය.


මනුෂ්‍යයෝ ඈ වෙත ඇතුල්ගෙයි සැඟවී බලාගන සිටියෝය. ඈ වනාහි: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. එවිට ඔහු හණ නූලක් ගින්නේ තැවරෙන විටම කැඩෙන්නාක් මෙන් ඒ රෑන් කඩාදැමීය. මෙසේ ඔහුගේ ශක්තිය දැනනොගන්නා ලද්දේය.


ඔව්හු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවෝය.


සෙනඟ පලාගිය බව මිසරයේ රජුට දන්වනලද්දේය. එවිට ඵාරාවෝ සහ ඔහුගේ මෙහෙකරුවන්ගේ සිත් සෙනඟට විරුද්ධව වෙනස්වී ඉශ්‍රායෙලිතයන් අපට මෙහෙකිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දැයි ඔව්හු කීවෝය.


ඵාරාවෝද: ඔව්හු දේශයෙහි මංමුළාවී සිටිති, ඔව්හු කාන්තාරයට අසුවී සිටිතියි ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැන කියනවා ඇත.


ඔව්හුද: නුඹ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබවින් අපි නුඹ නොමරන්නෙමුයයි ඔහුට කියා, අලුත් ලනු දෙකකින් ඔහු බැඳ, පර්වතයෙන් ගෙනාවෝය.


එකල පිලිස්තිවරු පිටත්ව ගොස් යූදාහි කඳවුරු බැඳ ලෙහියේ පැතිර සිටියෝය.


එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව නුඹ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, නුඹ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය.


ඔවුන් ඒ හෙල ළඟට පැමිණි කල, බලව, ප්‍රොපේත කණ්ඩායමක් ඔහුට සම්බවිය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි ආනුභාසම්පන්නව පැමිණියේය, එවිට ඔහු ඔවුන් අතරේ ධර්මවාක්‍ය පැවසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්