Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 10:10 - Sinhala New Revised Version 2018

10 සාවුල් සහ ඔහුගේ සේවකයා හෙල ළඟට පැමිණි කල, දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු, ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පැවසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සාවුල් සහ ඔහුගේ සේවකයා හෙල ළඟට පැමිණි කල, දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු, ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පැවසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඔවුන් ඒ හෙල ළඟට පැමිණි කල, බලව, ප්‍රොපේත කණ්ඩායමක් ඔහුට සම්බවිය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි ආනුභාසම්පන්නව පැමිණියේය, එවිට ඔහු ඔවුන් අතරේ ධර්මවාක්‍ය පැවසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 10:10
7 හුවමාරු යොමු  

ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැඟුවෝ ය. සමිඳාණන්ගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සොන් කෙරෙහි පැමිණියේ ය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නෙන් දැවී ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ද ලිහී වැටුණේ ය.


සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්රායෙල්වරුන්ගේ වීර පුරුෂයා වී යුද්ධයට පිටත් ව ගියේ ය. සමිඳාණන් වහන්සේ මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් ඔහු අතට පාවා දුන් සේක. ඔහු කුෂාන්-රිෂාතයිම් පරදවා ජය ගත්තේ ය.


සාවුල් මේ වචන ඇසූ විට දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පිහිටිණි. ඔහු අතිශයෙන් කෝපාවිෂ්ට වුණේ ය.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.


මට පක්ෂපාත ව සිටින, මා කැමැති, මා කියන හැම දේ කරන පූජකයෙකු මම තෝරාගන්නෙමි. ඔහුට දරු පරපුරක් සලසා දී මාගේ අභිෂේක ලත් රජ්ජුරුවන් ඉදිරියෙහි නිරන්තරයෙන් සේවය කිරීමට ඔහු පත් කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්