1 ලේකම් 4:4 - Sinhala Revised Old Version ගෙදොර්ගේ පියවූ පෙනුවේල්ය, හූෂාගේ පියවූ එසෙර්ය. මොව්හු එප්රාතාගේ කුලුඳුලාවූ, බෙත්-ලෙහෙම්ගේ පියවූ හූර්ගේ පුත්රයෝය. Sinhala New Revised Version ගෙදෝර්ගේ පියා වූ පෙනුවේල් ය; හුෂාගේ පියා වූ එශෙර් ය. මොවුහු එප්රාතාගේ කුලුඳුලා වූ බෙත්-ලෙහෙම්ගේ පියා වූ හූර්ගේ පුත්රයෝ ය. Sinhala New Revised Version 2018 ගෙදෝර්ගේ පියා වූ පෙනුවේල් ය; හුෂාගේ පියා වූ එශෙර් ය. මොවුහු එප්රාතාගේ කුලුඳුලා වූ බෙත්-ලෙහෙම්ගේ පියා වූ හූර්ගේ පුත්රයෝ ය. |
මොව්හු කාලෙබ්ගේ පුත්රයෝය; එප්රාතාගේ කුලුඳුලාවූ බෙන්හුර්ය, කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්;
සල්මාගේ පුත්රයෝ නම්: බෙත්-ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අට්රොත්-බෙත්-යෝවාබ්, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත්ය.
ඔහුගේ යුදෙව් භාර්යාව ගෙදොර්ගේ පියවූ යෙරෙද්ද ශෝකෝගේ පියවූ හෙබෙර්ද ශානොවාගේ පියවූ යෙකූතියෙල්ද බිහිකළාය.
ඒතාම්ගේ පියාගෙන් උපන් අය නම්: යෙස්රෙයෙල්, ඉෂ්මා සහ ඉඩිබාෂ්ය. ඔවුන්ගේ සහෝදරීගේ නම හශ්ශෙලෙල්පොනීය.
ඔව්හු තමුන්ගේ එළු බැටළු රැළවලට තණබිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදොර්ට ඇතුල්වෙන තැන දක්වා ගියෝය.
දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්රිය ඉශ්රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.