Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 2:50 - Sinhala Revised Old Version

50 මොව්හු කාලෙබ්ගේ පුත්‍රයෝය; එප්‍රාතාගේ කුලුඳුලාවූ බෙන්හුර්ය, කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 මොවුහු කාලෙබ්ගේ පුත්‍රයෝ ය. එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙන්හූර් ය; කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 මොවුහු කාලෙබ්ගේ පුත්‍රයෝ ය. එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙන්හූර් ය; කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:50
12 හුවමාරු යොමු  

ඈ මද්මන්නාගේ පියවූ ෂයප්ද මක්බේනාගේ සහ ගිබෙයාගේ පියවූ ෂෙවාද බිහිකළාය; කාලෙබ්ගේ දුව අක්සාය.


බෙත්-ලෙහෙම්ගේ පියවූ සල්මා සහ බෙත්-ගාදෙර්ගේ පියවූ හාරෙප්ය.


කිරියත්-යෙයාරීම්ගේ පවුල් නම් ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරුය; මොවුන්ගෙන් ශොරාතිවරුද එෂ්තායෝලිවරුද පැවත ආවෝය.


යූදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මි, හූර් සහ ෂෝබාල්ය.


ගෙදොර්ගේ පියවූ පෙනුවේල්ය, හූෂාගේ පියවූ එසෙර්ය. මොව්හු එප්‍රාතාගේ කුලුඳුලාවූ, බෙත්-ලෙහෙම්ගේ පියවූ හූර්ගේ පුත්‍රයෝය.


කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්ද රබ්බාද යන දෙනුවර සහ ඒවායේ ගම්ය.


සීමාව කන්ද මුදුනේ සිට නෙප්තෝවාහි දිය උල්පත ළඟට වැටී, එතනින් එප්‍රොන් කන්දේ නුවරවල් දක්වා ගියේය; එතනින් සීමාව කිරියත්-යෙයාරීම් වන බාලාට ගොස්,


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.


දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.


කිරියත්-යෙයාරීම් මනුෂ්‍යයෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන හෙල පිට තිබුණු අබිනාදාබ්ගේ ගෙට ගෙනගොස්, ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රක්ෂාකරන පිණිස ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් පත්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්