Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 4:4 - Sinhala New Revised Version

4 ගෙදෝර්ගේ පියා වූ පෙනුවේල් ය; හුෂාගේ පියා වූ එශෙර් ය. මොවුහු එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙත්-ලෙහෙම්ගේ පියා වූ හූර්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ගෙදෝර්ගේ පියා වූ පෙනුවේල් ය; හුෂාගේ පියා වූ එශෙර් ය. මොවුහු එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙත්-ලෙහෙම්ගේ පියා වූ හූර්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ගෙදොර්ගේ පියවූ පෙනුවේල්ය, හූෂාගේ පියවූ එසෙර්ය. මොව්හු එප්‍රාතාගේ කුලුඳුලාවූ, බෙත්-ලෙහෙම්ගේ පියවූ හූර්ගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:4
10 හුවමාරු යොමු  

ඔහුගේ ජුදෙව් භාර්යාව ගෙදෝර්ගේ පියා වූ ජෙරෙද් ද ශෝකෝගේ පියා වූ හෙබෙර් ද ශානොවාගේ පියා වූ ජෙකුතියෙල් ද ලැබුවා ය.


මොවුහු කාලෙබ්ගේ පුත්‍රයෝ ය. එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙන්හූර් ය; කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්;


ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවලට තණ බිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදෝර්ට ඇතුල් වන තැන දක්වා ගියෝ ය.


අශුබා මියගිය පසු කාලෙබ් එප්‍රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.


ෂයරයිම් ද අදීතයිම් ද ගෙදේරා ද ගෙදේරෝතයිම් ද යන නගර දහසතර සහ ඒවායේ ගම් ද යන මේවා ය.


“ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්‍රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්‍රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්‍රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා!


ඒතාම්ගේ පියාගෙන් උපන් අය නම්: ජෙශ්‍රෙයෙල්, ඉෂ්මා සහ ඉඩ්බාෂ් ය. ඔවුන්ගේ සහෝදරීගේ නම හශ්ශෙලෙල්පොනී ය.


තෙකෝවා වැසියන්ගේ පියා වූ අෂ්හූර්ට හෙලෙයා සහ නයරා යන භාර්යාවෝ දෙදෙනෙක් වූ හ.


බෙත්ලෙහෙම්ගේ පියා වූ සල්මා සහ බෙත්ගාදෙර්ගේ පියා වූ හාරෙප් ය.


සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අටාරොත්බෙත්-ජෝවාබ්වරු, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්