ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 21:26 - Sinhala Revised Old Version

එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් එහි ගොඩනඟා, දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කොට, සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද දවන පූජාසනය පිට අහසෙන් ගිනි එවා ඔහුට උත්තර දුන් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් එහි ගොඩනඟා, දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කොට, සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද දවන පූජාසනය පිට අහසෙන් ගිනි එවා ඔහුට උත්තර දුන් සේක.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 21:26
18 හුවමාරු යොමු  

නුඹලා නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤාකරන්න, මමත් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තරදෙන දෙවියන්වහන්සේම දෙවියන්වහන්සේ වන සේක්වයි කීවේය. මුළු සෙනඟ උත්තරදෙමින්: ඒ කීම යහපතැයි කීවෝය.


එවිට ස්වාමීන්වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත් දරත් ගලුත් ධූලිත් දවා අගළේ වතුරත් වියළවා දැම්මේය.


තවද ස්වාමීන්වහන්සේ දේවදූතයාට අණකළ විට ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේය.


එකල සාලමොන් යෙරුසලමෙහි තමාගේ පියවූ දාවිත්ට ස්වාමීන්වහන්සේ පෙනුණු මොරියා කන්දේ යෙබූසියවූ ඔර්ණන්ගේ කමතේ දාවිත් විසින් නියමකළ ස්ථානයෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.


සාලමොන් යාච්ඤාකොට නිමකළ විට අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවාදැම්මේය; ස්වාමීන්වහන්සේගේ තේජසින් ගෘහය පිරීගියේය.


ස්වාමිනි, කට අරින්ට මට පිහිටවුව මැනව; එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දන්වන්නේය.


ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.


අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ශුද්ධසේක.


දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.


ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.


මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.


ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ගිනි නික්ම අවුත් පූජාසනය පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේය. මුළු සෙනඟ ඒ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණෝය.


ආරොන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට මෝසෙස් වෙතට හැරී ආවේය. වසංගතය නැවතී තිබුණේය.


මක්නිසාද ගිනිදැල පූජාසනයෙන් අහස දෙසට නැගීගියේය, ස්වාමීන්වහන්සේගේ දූතයා පූජාසනයේ ගිනි දැලෙහි නැගී ගියේය. මානෝවාද ඔහුගේ භාර්යාවද බලාගන සිටියෝය. ඔව්හු මුහුණින් බිම වැටුණෝය.


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය; ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය.