Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 21:27 - Sinhala Revised Old Version

27 තවද ස්වාමීන්වහන්සේ දේවදූතයාට අණකළ විට ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 තවද, සමිඳාණන් වහන්සේ දේව දූතයාට අණ කළ විට, ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 තවද, සමිඳාණන් වහන්සේ දේව දූතයාට අණ කළ විට, ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 21:27
12 හුවමාරු යොමු  

ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?


එබැවින් යේසුස්වහන්සේ පේතෘස්ට කියනසේක්: කඩුව කොපුවේ දමන්න. පියාණන්වහන්සේ මට දී තිබෙන කුසලාන නොබොම්දැයි කීසේක.


එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.


නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි නුඹේ උත්පත්ති දේශයේදී නුඹ විනිශ්චයකරන්නෙමි.


එම්බා ස්වාමීන්වහන්සේගේ කඩුව, නුඹ කොපමණ කල් නිශ්චල නොවී සිටින්නෙහිද? නුඹේ කොපුවට ඇතුල් වී නැවතී නිකම් හිඳින්න.


උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.


තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දුටීය; ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයන් සතරදෙනා සැඟවුණෝය.


තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් නුඹේ එදිරිකාරයන්ගේ කඩුවට නුඹ අසුවී නුඹේ සතුරන් අතින් විනාශවීම හෝ තුන් දවසක් ස්වාමීන්වහන්සේගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ ස්වාමීන්වහන්සේගේ දූතයා විසින් ඉශ්‍රායෙල් පළාත් මුළුල්ලෙහි විනාශකිරීම හෝ තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඒ නිසා මා එවූ තැනන්වහන්සේට මා විසින් මොන උත්තරයක් දෙන්ටද කියා කල්පනාකරන්නැයි කීවේය.


දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය.


එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක.


ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙබූසිය ඔර්ණාන්ගේ කමතේදී තමාට උත්තරදුන් බව දාවිත් දැක එහිදී පූජා ඔප්පුකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්