දාවිත් රජකමට පත්කිරීමට එන පිණිස මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ දහ අටදාහක්ය.
1 ලේකම් 16:41 - Sinhala Revised Old Version ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නම් සඳහන්කර තෝරාගනු ලැබූ අනික් අයද: ස්වාමීන්වහන්සේගේ කරුණාව සදාකාලයටම පවත්නේය කියා උන්වහන්සේට ස්තුතිකිරීමට නියමකෙළේය. Sinhala New Revised Version ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද නම් කියා තෝරාගනු ලැබූ අනික් අය ද, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය” කියමින් උන් වහන්සේට ස්තුති කිරීමට නියම කෙළේ ය. Sinhala New Revised Version 2018 ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද නම් කියා තෝරාගනු ලැබූ අනික් අය ද, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය” කියමින් උන් වහන්සේට ස්තුති කිරීමට නියම කෙළේ ය. |
දාවිත් රජකමට පත්කිරීමට එන පිණිස මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ දහ අටදාහක්ය.
මෙසේ ලෙවීවරු යෝවෙල්ගේ පුත්‍රවූ හේමාන්ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරකියාගේ පුත්‍රවූ ආසාප්ද තමුන්ගේ සහෝදරයන්වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත්‍රවූ ඒතාන්ද;
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ඉක්බිති ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි නිතරම එක එක දවසට සුදුසු ලෙස සේවයකිරීමට ඔහු පෙට්ටිය ඉදිරියෙහි ආසාප්ද ඔහුගේ සහෝදරයන්ද,
එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;
ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්–ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.
සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිනි බසිනවාත් ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහය පිට තිබෙනවාත් දැක, ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාරකොට: මක්නිසාද උන්වහන්සේ යහපතය; උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය කියමින් ස්වාමීන්වහන්සේට ස්තුතිකළෝය.
ඔව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්: උන්වහන්සේ යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නෙය කියා ඔවුනොවුන් ගී කීවෝය. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමන නිසා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ විට මුළු සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.
ලෙවීවරුන්ගේ මෙහෙයට දාවිත් සහ අධිපතීන් විසින් නියමකළ නෙතිනීම්වරුන්ගෙන් නෙතිනීම්වරුන් දෙසිය විසි දෙනෙකුත් අප වෙතට කැඳවාගෙන ආවෝය. ඔවුන් සියල්ලෝම නම් වශයෙන් සඳහන්කරනලද්දෝය.
නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.
මාගේ හඬින් දෙවියන්වහන්සේට, එසේය, මාගේ හඬින් දෙවියන්වහන්සේට මොරගසන්නෙමි, උන්වහන්සේ මට කන්දෙනසේක.
නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක
ඇතුල් දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුල් මළුවේ ගී කියන්නන්ගේ කාමර තිබුණේය; ඒවා දකුණු දෙසට තිබුණේය. පෙරදිග දොර ළඟ එකක් උතුරු දිගට තිබුණේය.