ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 14:9 - Sinhala Revised Old Version

පිලිස්තිවරුත් ඇවිත් රෙපායිම් මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පිලිස්තිවරු අවුත් රෙපායිම් මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පිලිස්තිවරු අවුත් රෙපායිම් මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 14:9
7 හුවමාරු යොමු  

ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේදී ගොස් දාවිත් සිටි අදුල්ලම් ගුහාවට බැස ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන උන්නාහ.


පිලිස්තිවරු ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.


ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ සිටි දාවිත් වෙතට පර්වතයට ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝය.


දාවිත්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්ද කියා දෙවියන්වහන්සේගෙන් පිළිවිසීය. ස්වාමීන්වහන්සේද: යව; මම ඔවුන් නුඹ අතට පාවාදෙමියි ඔහුට කීසේක.


නැවතත් පිලිස්තිවරු මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය.


දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධව පිටතට ගියේය.


තවද ගොයම් කපන්නා ගොයම් එකතුකොට තමාගේ අතින් කරල් කපන්නාක්මෙන්ද රෙපාවරුන්ගේ මිටියාවතෙහි යමෙක් ගොයම් කරල් ඇහිඳගන්නාක්මෙන්ද සිදුවන්නේය.