Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 14:8 - Sinhala Revised Old Version

8 දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධව පිටතට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය කෙරෙහි රජ කොට අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල, ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධ ව පිටත් ව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය කෙරෙහි රජ කොට අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල, ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධ ව පිටත් ව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 14:8
8 හුවමාරු යොමු  

ආඛීෂ්ගේ සේවකයෝ ඔහුට කථාකොට: මොහු දේශයෙහි රජවූ දාවිත් නොවේද? සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකා කළේ මොහු ගැන නොවේදැයි කීවෝය.


මෙලෙස ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙතට පැමිණියාහ; දාවිත්ද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය; ඔව්හු ස්වාමීන්වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට ආලේපකළෝය.


මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.


එලීෂාමා, බෙයෙලියාදා සහ එලීපෙලෙත්ය.


පිලිස්තිවරුත් ඇවිත් රෙපායිම් මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්