Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:15 - Sinhala Revised Old Version

15 ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ සිටි දාවිත් වෙතට පර්වතයට ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ නැවතී සිටි දාවිත්ට එකතු වන පිණිස පර්වතයට ගියෝ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ නැවතී සිටි දාවිත්ට එකතු වන පිණිස පර්වතයට ගියෝ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:15
11 හුවමාරු යොමු  

පිලිස්තිවරුත් ඇවිත් රෙපායිම් මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය.


තවද ගොයම් කපන්නා ගොයම් එකතුකොට තමාගේ අතින් කරල් කපන්නාක්මෙන්ද රෙපාවරුන්ගේ මිටියාවතෙහි යමෙක් ගොයම් කරල් ඇහිඳගන්නාක්මෙන්ද සිදුවන්නේය.


පිලිස්තිවරු ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.


එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය.


පිලිස්තිවරු නැවතත් ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.


එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය.


එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.


ලිබ්නාහි රජ එක්කෙනෙක්ය; අදුල්ලාම්හි රජ එක්කෙනෙක්ය;


ඔව්හු ඒ බිම මැද සිට එය ආරක්ෂාකරගන පිලිස්තිවරුන් මැරුවෝය; ස්වාමීන්වහන්සේ මහත් ජයක් ලබාදී ඔවුන් ගැළවූසේක.


බලවන්තයන් තිස්දෙනාගෙන් එක්කෙනෙක්ව තිස්දෙනාගේ ප්‍රධානියාව සිටිය ගිබියෝනිය ඉෂ්මයියාය; යෙරෙමියාය, යහසියෙල්ය, යෝහානාන්ය, ගෙදේරාතිය යොසාබාද්ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්