ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 13:1 - Sinhala Revised Old Version

තවද දාවිත් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද සියලු නායකයන්ද සමඟ මන්ත්‍රණයකරමින්

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් සහශ්‍රාධිපතින් ද ශතාධිපතින් ද සියලු නායකයන් ද සමඟ මන්ත්‍රණය කරමින්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දාවිත් සහශ්‍රාධිපතින් ද ශතාධිපතින් ද සියලු නායකයන් ද සමඟ මන්ත්‍රණය කරමින්,

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 13:1
12 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් සියල්ලන් වන තිස්දහසක් මනුෂ්‍යයන් දාවිත් නැවත රැස්කෙළේය.


එවිට රජ යූදාහිද යෙරුසලමේද සියලු වැඩිමහල්ලන් තමා ළඟට රැස්කරවාගන,


මොව්හු ගාද්ගේ පුත්‍රයෝව සේනාවට මුලාදෑනියෝව සිටියෝය. මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත් ලොකු තැනැත්තා දහසකටත් වඩා බලවත් විය.


එසේ ඔහු ශික්ලග්ට යද්දී මනස්සේවරුන්ගෙන් සහස්‍රාධිපතියෝවූ අද්නාද යෝසාබාද්ද යෙදීයයෙල්ද මීකායෙල්ද යෝසාබාද්ද එලීහුද ශිල්ලෙතයිද ඔහුට එකතුවුණෝය.


ඉශ්‍රායෙල්වරුන් විසින් කළ යුතු දේ කිමෙක්දැයි දැනෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තාවූ ඉස්සාඛර් පුත්‍රයන්ගේ ප්‍රධානියෝද දෙසිය දෙනෙක්ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝද ඔවුන්ගේ අණට යටත්ව සිටියෝය.


තවද ඉස්සාඛර්ද සාබුලොන්ද නප්තලීද දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන්ද ඔටුවන්ද අශ්වතරයන්ද ගොනුන්ද පිට රොටි සහ පිටි කෑමත් වියළි අත්තික්කා කැටි සහ මිදිපොකුරුත් මුද්‍රිකපානයත් තෙලුත් ගොනුන් සහ බැටළුවනුත් බොහෝසෙයින් ගෙනාවෝය. මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය වූයේය.


මුළු ඉශ්‍රායෙල් සභාවට කථාකොට: නුඹලාට හොඳව පෙනේ නම්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේත් කැමතිවනසේක් නම්, මුළු ඉශ්‍රායෙල් දේශයෙහි ඉතුරුව සිටින අපේ සහෝදරයන්ටද ඔවුන් සමඟ තමුන්ගේ පිට-බිම් සහිත නුවරවල සිටින පූජකයන්ටද ලෙවීවරුන්ටද අප ළඟට රැස්වෙන්ට කියා සෑම දිශාවලට කියා යවා,


සාලමොන් සියලු ඉශ්‍රායෙල්වරුන්ට එනම් සහස්‍රාධිපතීන්ටද ශතාධිපතීන්ටද විනිශ්චයකාරයන්ටද පිය වංශවල ප්‍රධානීන් වූ මුළු ඉශ්‍රායෙල්හි අධිපතීන් සියල්ලන්ටද අණකෙළේය.


එවිට හෙසකියා රජ අලුයම නැගිට නුවර අධිපතීන් රැස්කරවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය.


මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.


තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය.