Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:40 - Sinhala Revised Old Version

40 තවද ඉස්සාඛර්ද සාබුලොන්ද නප්තලීද දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන්ද ඔටුවන්ද අශ්වතරයන්ද ගොනුන්ද පිට රොටි සහ පිටි කෑමත් වියළි අත්තික්කා කැටි සහ මිදිපොකුරුත් මුද්‍රිකපානයත් තෙලුත් ගොනුන් සහ බැටළුවනුත් බොහෝසෙයින් ගෙනාවෝය. මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 තවද, ඉස්සාකර්ගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද දේශ දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන් ද ඔටුවන් ද අශ්වතරයන් ද ගොනුන් ද පිට රොටි සහ පිටි කෑමත්, වියළි අත්තික්කා කැටි සහ මිදි පොකුරුත්, මුද්‍රික පානයත්, තෙලුත්, ගොනුන් සහ බැටළුවනුත් බොහෝ සෙයින් ගෙන ආවෝ ය. මන්ද, ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය ඇති වූයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 තවද, ඉස්සාකර්ගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද දේශ දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන් ද ඔටුවන් ද අශ්වතරයන් ද ගොනුන් ද පිට රොටි සහ පිටි කෑමත්, වියළි අත්තික්කා කැටි සහ මිදි පොකුරුත්, මුද්‍රික පානයත්, තෙලුත්, ගොනුන් සහ බැටළුවනුත් බොහෝ සෙයින් ගෙන ආවෝ ය. මන්ද, ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය ඇති වූයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:40
14 හුවමාරු යොමු  

එවිට අබීගායිල් ඉක්මන්කර, රොටි දෙසියයක්ද මුද්‍රිකපාන භාජන දෙකක්ද පුලුස්සාපු බැටළුවන් පස්දෙනෙක්ද විලඳ නැළි පහක්ද වියළි මුද්‍රිකඵල පොකුරු සියයක්ද අත්තික්කා කැටි දෙසියයක්ද රැගෙන, ඒවා කොටළුවන් පිට පටවා,


දාවිත් කඳු මුදුනෙන් ටිකක් ඔබ්බට ගිය විට මෙපිබොෂෙත්ගේ වැඩකාරයාවූ ශීබා ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙක්ද උන් පිට පැටෙවු රොටි දෙසියයක්ද වියළි මුද්‍රිකඵල පොකුරු සියයක්ද ඉඳිඵල තට්ටු සියයක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහුගේ පෙරමගට ආයේය.


ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීතිවෙති; එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනඟ සුසුම්ලති.


ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි; දුෂ්ටයන් නැතිවනකල ඔල්වරහඬ පවත්වයි.


මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීතිවූවෝය, නුවරද නිශ්චලව තිබුණේය. ඔව්හු අතලියා රජගෙදරදී කඩුවෙන් මැරුවෝය.


මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය.


ඔව්හු කමින් බොමින් දාවිත් ළඟ තුන් දවසක් සිටියෝය. මක්නිසාද ඔවුන්ගේ සහෝදරයන් විසින් ඔවුන්ට එසේ පිළියෙළකර තිබුණේය.


තවද දාවිත් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද සියලු නායකයන්ද සමඟ මන්ත්‍රණයකරමින්


තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී [ඔවුන්ට පිළිගන්වන] මුද්‍රිකඵල කැටිවලට ඇලුම්වෙන නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක්මෙන්ම නුඹ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේමවෙන්නැයි කීසේක.


ඔව්හු ඒ දවසේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මහත් සන්තෝෂයෙන් කමින් බොමින් දෙවෙනි වර දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් රජකමට පත්කළෝය, තවද ඔහු ස්වාමීන්වහන්සේ උදෙසා ප්‍රධානාධිපතියා කොටද ශාදොක් පූජකයා කොටද ආලේපකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්