ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 12:39 - Sinhala Revised Old Version

ඔව්හු කමින් බොමින් දාවිත් ළඟ තුන් දවසක් සිටියෝය. මක්නිසාද ඔවුන්ගේ සහෝදරයන් විසින් ඔවුන්ට එසේ පිළියෙළකර තිබුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු ආහාර පාන වළඳමින් දාවිත් ළඟ තුන්දවසක් සිටියෝ ය. මන්ද, ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ට එසේ පිළියෙළ කර තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු ආහාර පාන වළඳමින් දාවිත් ළඟ තුන්දවසක් සිටියෝ ය. මන්ද, ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ට එසේ පිළියෙළ කර තිබිණි.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 12:39
8 හුවමාරු යොමු  

ඔහු ඔවුන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය, ඔව්හුද කෑවෝය, බීවෝය.


තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.


ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.


සියලු යූදා මනුෂ්‍යයෝ ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජ්ජුරුවන් අපේ නෑයෙක් නිසාය. නුඹලා මේ කාරණය ගැන කෝපවෙන්නේ මක්නිසාද? රජුගේ වියදමෙන් අපි කොහෙත්ම කෑවෙමුද? නොහොත් ඔහු අපට කිසි තෑග්ගක් දුන්නේදැයි කීවෝය.


තවද ඔහු මුළු සෙනඟට එනම් ඉශ්‍රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාටත් ස්ත්‍රීටත් රොටියකුත් මස් කැබෙල්ලකුත් වියළි මුද්‍රිකඵල කැටියකුත් දුන්නේය. එවිට මුළු සෙනඟ තම තමුන්ගේ ගෙවලට ගියෝය.


ඉශ්‍රායෙල් ගැන ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට දාවිත් රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඔහුගේ රජකම ගැන ඔහුට උපකාරකළ ප්‍රධාන බලවන්තයෝ මොව්හුය.


යුද්ධ පිළිවෙළට පැමිණෙන්ට පුළුවන්වූ මේ සියලු යුද්ධකාරයෝ සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි දාවිත් රජකමට පත්කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝය. අනික් සියලු ඉශ්‍රායෙල්වරුත් දාවිත් රජකමට පත්කිරීමට එක්සිත්ව සිටියෝය.


තවද ඉස්සාඛර්ද සාබුලොන්ද නප්තලීද දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන්ද ඔටුවන්ද අශ්වතරයන්ද ගොනුන්ද පිට රොටි සහ පිටි කෑමත් වියළි අත්තික්කා කැටි සහ මිදිපොකුරුත් මුද්‍රිකපානයත් තෙලුත් ගොනුන් සහ බැටළුවනුත් බොහෝසෙයින් ගෙනාවෝය. මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය වූයේය.