Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:42 - Sinhala Revised Old Version

42 සියලු යූදා මනුෂ්‍යයෝ ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජ්ජුරුවන් අපේ නෑයෙක් නිසාය. නුඹලා මේ කාරණය ගැන කෝපවෙන්නේ මක්නිසාද? රජුගේ වියදමෙන් අපි කොහෙත්ම කෑවෙමුද? නොහොත් ඔහු අපට කිසි තෑග්ගක් දුන්නේදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:42
6 හුවමාරු යොමු  

නුඹලා මාගේ සහෝදරයෝය, මාගේ ඇට සහ මාංසයත්ය. එබැවින් රජ්ජුරුවන් නැවත ගෙනෙන්ට නුඹලා අන්තිමයන් වෙන්නේ මක්නිසාදැයි කියන්න.


එකල සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙතට ඇවිත්: අපි ඔබගේ ඇට හා මාංසයත්ය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ යූදා මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජුගෙන් දස කොටසක් අපට තිබේ, දාවිත්ගෙනුත් නුඹලාට වඩා අයිතිකම අපට ඇත්තේය. නුඹලා අප සුළුකොට සිතුවේ මක්නිසාද? රජු නැවත ගෙනෙන්ට පළමුකොට කථාකළේ අප නොවේදැයි කීවෝය. නුමුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා යූදා මනුෂ්‍යයන්ගේ වචන සැරව තිබුණේය.


එප්‍රායිම් මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: නුඹ මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට යන කල අපට අඬනොගසා මෙසේ කළේ මක්නිසාදැයි කියා ඔහු සමඟ තද ලෙස විවාදකළෝය.


තවද යූදාහි මනුෂ්‍යයෝ ඇවිත් එහිදී දාවිත් යූදා වංශය කෙරෙහි රජ කොට ආලේපකළෝය. සාවුල් තැන්පත්කෙළේ යාබෙෂ්-ගිලියද්හි මනුෂ්‍යයන් විසින්යයි දාවිත්ට දන්වනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්