1 ලේකම් 11:15 - Sinhala Revised Old Version ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ සිටි දාවිත් වෙතට පර්වතයට ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝය. Sinhala New Revised Version ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ නැවතී සිටි දාවිත්ට එකතු වන පිණිස පර්වතයට ගියෝ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝ ය. Sinhala New Revised Version 2018 ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ නැවතී සිටි දාවිත්ට එකතු වන පිණිස පර්වතයට ගියෝ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝ ය. |
ඔව්හු ඒ බිම මැද සිට එය ආරක්ෂාකරගන පිලිස්තිවරුන් මැරුවෝය; ස්වාමීන්වහන්සේ මහත් ජයක් ලබාදී ඔවුන් ගැළවූසේක.
බලවන්තයන් තිස්දෙනාගෙන් එක්කෙනෙක්ව තිස්දෙනාගේ ප්‍රධානියාව සිටිය ගිබියෝනිය ඉෂ්මයියාය; යෙරෙමියාය, යහසියෙල්ය, යෝහානාන්ය, ගෙදේරාතිය යොසාබාද්ය;
තවද ගොයම් කපන්නා ගොයම් එකතුකොට තමාගේ අතින් කරල් කපන්නාක්මෙන්ද රෙපාවරුන්ගේ මිටියාවතෙහි යමෙක් ගොයම් කරල් ඇහිඳගන්නාක්මෙන්ද සිදුවන්නේය.
එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය.
එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.
එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය.