ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 10:4 - Sinhala Revised Old Version

එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට අවමන් නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමතිවුණේ නැත; ඔහු එසේ කරන්ට බොහෝසෙයින් භයවිය. එබැවින් සාවුල් තමාගේ කඩුව රැගෙන, තෙමේම එය පිට වැටුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් අවුත්, මට අවමන් නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමැති වූයේ නැත. ඔහු එසේ කරන්නට බොහෝ සෙයින් බිය විය. එබැවින් සාවුල් තමාගේ කඩුව ගෙන තෙමේ ම එය පිට වැටුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් අවුත්, මට අවමන් නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමැති වූයේ නැත. ඔහු එසේ කරන්නට බොහෝ සෙයින් බිය විය. එබැවින් සාවුල් තමාගේ කඩුව ගෙන තෙමේ ම එය පිට වැටුණේ ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 10:4
19 හුවමාරු යොමු  

පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්.


ඔහුට දැන්වූ යෞවනයා කථාකොට: මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමුණුණෙමි. ඒ වේලාවේ සාවුල් තමාගේ හෙල්ලයට හේත්තුවී උන්නේය; රථ හා අසරුවෝ ඔහු පස්සේ සැරෙන් එළවාගන ආවෝය.


තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.


තවද නුවර අල්ලාගත් බව සිම්රි දුටු විට ඔහු රජගෙයි බලකොටුවට ඇතුල්වී රජගෙට ගිනිලාගෙන මෙළේය.


සටන සාවුල්ට විරුද්ධව තදබල විය, ඔහු දුනුවායන්ට අසුවී දුනුවායන් විසින් තුවාල කරනු ලැබීය.


සාවුල් මැරුණු බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේය.


(මේ මනුෂ්‍යයා තමාගේ අයුතුකමේ කුලියෙන් බිමක් මිලේට ගෙන, මුහුණින් වැටී, මැදින් පැළුණේය, ඔහුගේ බඩවැල් සියල්ලම පිටත වීසිවුණේය.


එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය.


එවිට ඔහු ඉතා පිපාසිතව ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: ඔබගේ මෙහෙකරුවා ලවා ඔබම මේ මහත් ගැළවීම දුන්සේක. දැන් මම පිපාසායෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසුවන්නෙම්දැයි කීවේය.


නුමුත් පිලිස්තිවරු ඔහු අල්ලාගන ඔහුගේ ඇස් උගුලාදමා, ගාසාට ගෙනගොස් ඔහු පිත්තල දම්වැල්වලින් බැන්දෝය; ඔහු හිරගෙයි ඇඹරුවේය.


ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස නුඹේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය.


යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.


දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.


ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.


එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කරන්ට කැමතිවුණේ නැත; මක්නිසාද ඔහු ඉතා භයව සිටියේය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය.