Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 16:27 - Sinhala Revised Old Version

27 එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 සිරගෙයි නිලධාරියා අවදි විය. සිරගෙයි දොරවල් ඇරී තිබෙනු දුටු ඔහු, සිරකරුවන් පැන යන්නට ඇතැයි සිතා සිය දිවි හානිකර ගන්නට තම අසිපත අතට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 16:27
9 හුවමාරු යොමු  

හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, රැකවලුන්ගෙන් විචාරා, ඔවුන් මරන්ට අණකොට, යුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේය.


එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි දමා ගියේය; ඔහු අහක්ව ගොස් එල්ලී මැරුණේය.


තවද නුවර අල්ලාගත් බව සිම්රි දුටු විට ඔහු රජගෙයි බලකොටුවට ඇතුල්වී රජගෙට ගිනිලාගෙන මෙළේය.


තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.


ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස නුඹේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය.


නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය.


එවිට හිරගෙයි මුලාදෑනියා ඒ වචන පාවුල්ට දන්වා: නුඹලා මුදාහරින්ට නඩුකාරයෝ කියා එවුවෝය. එබැවින් පිටතට ඇවිත් සමාදානයෙන් ගිය මැනවියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්