Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 1:18 - Sinhala Revised Old Version

18 (මේ මනුෂ්‍යයා තමාගේ අයුතුකමේ කුලියෙන් බිමක් මිලේට ගෙන, මුහුණින් වැටී, මැදින් පැළුණේය, ඔහුගේ බඩවැල් සියල්ලම පිටත වීසිවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මේ මිනිසා, සිය ද්‍රෝහිකමෙන් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේ ය. ඔහු එහි මුහුණින් වැටී, මැදින් පැළුණේ ය. ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 (මේ මිනිසා තම දුෂ්ටකමේ ත්‍යාගයෙන් ඉඩමක් මිලට ගත්තේ ය. ඔහු දරුණු ලෙස වැටී, මැදින් පැළී ගියෙන්, ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මේ මිනිසා, සිය ද්‍රෝහිකමෙන් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේ ය. ඔහු එහි මුණින් වැටී, මැදින් පැළුණේ ය. ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 1:18
12 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


හදිසියෙන් ඔවුන්ට මරණය පැමිණේවා, ඔව්හු පණපිටින් වළට බසිත්වා. මක්නිසාද දුෂ්ටකම ඔවුන්ගේ වාසස්ථානයෙහි, ඔවුන් මැද, ඇත්තේය.


මෝවබ්හි වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාක්ගේ වචන ඔහුට කීවෝය.


ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට දී තමාගේ ගමන ගියේය.


මක්නිසාද මම නුඹ ඉතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි, නුඹ මට කියන කොයි දෙයක් නුමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනඟට මා උදෙසා ශාපකරන ලෙස නුඹෙන් ඉල්ලමියි කියන්නේයයි ඔහුට කීවෝය.


ඔවුන් විසින් මා මිලකළ වටිනා අගය වන ඒවා කුම්භකාරයාට හෙළන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක. මමද රිදී තිහ රැගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කුම්භකාරයාට හෙළීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්