ආබ්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.
1 ලේකම් 10:12 - Sinhala Revised Old Version සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත්ව ගොස් සාවුල්ගේ ශරීරයද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීරද රැගෙන යාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇට යාබෙෂ්හි අලෝන ගස යට වළලා, සත් දවසක් නිරාහාරව උන්නෝය. Sinhala New Revised Version සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත් ව ගොස්, සාවුල්ගේ ශරීරය ද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීර ද රැගෙන ජාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇටකටු ජාබෙෂ්හි ආලෝන ගස යට වළලා සත් දවසක් නිරාහාර ව සිටියහ. Sinhala New Revised Version 2018 සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත් ව ගොස්, සාවුල්ගේ ශරීරය ද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීර ද රැගෙන ජාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇටකටු ජාබෙෂ්හි ආලෝන ගස යට වළලා සත් දවසක් නිරාහාර ව සිටියහ. |
ආබ්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.
රෙබෙකාගේ කිරි මවුවූ දෙබොරා මළාය, ඈ බෙතෙල්ට පහළ ආලොන් ගස යට තැන්පත්කරනු ලැබුවාය. ඊට අල්ලොන්-බාකුත් යන නාමය කියනලදී.
ඔව්හු යොර්දානෙන් එගොඩ පිහිටි ආතාද්ගේ පාවරට පැමුණුණ කල එහිදී ඉතා මහත්වූ තද වැලපීමකින් වැලපුණෝය. ඔහු තම පියාණන් ගැන සත් දවසක් ශෝකවුණේය.
දවහල් ව තිබියදීම දාවිත්ට කෑම කන්ට සලස්වන පිණිස මුළු සෙනඟ ආවෝය; නුමුත් දාවිත්: මා විසින් රොටිවත් වෙන කිසි දෙයක්වත් ඉර බහින තෙක් කටට ගත්තොත් දෙවියන්වහන්සේ එසේමත් ඊට වැඩියත් මට කරනසේක්වයි කියා දිවුළේය.
යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ද මාර්තා සහ මරියා ඔවුන්ගේ සහෝදරයා ගැන සනසන පිණිස ඇවිත් සිටියෝය.
එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය.
එවිට ආවාවූ පණිවිඩකාරයන්ට ඔව්හු කථාකොට: හෙට අව්ව තදවෙන වේලාවට නුඹලාට ගැළවීම ලැබේය කියා යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැයි කීවෝය. පණිවිඩකාරයෝ ගොස් යාබෙෂ්හි මනුෂ්‍යයන්ට දැන්නුවෝය; ඔව්හුද ප්‍රීතිවුණෝය,
සියලු වික්‍රමාන්විත මනුෂ්‍යයෝ නැගිට, මුළු රාත්‍රියේ ගොස්, බෙත්-ෂාන්හි පවුරෙන් සාවුල්ගේ මළකඳද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන්ද රැගෙන යාබෙෂ්ට ඇවිත්,