දාවිත් දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකර තීන්දුකළ පසු සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාදකෙළේය.
1 රාජාවලිය 8:14 - Sinhala Revised Old Version රජ තෙමේ මුහුණ හරවා මුළු ඉශ්රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්රායෙල් සභාවට ආශීර්වාදකරමින් කියනුයේ: Sinhala New Revised Version රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී, මුහුණ හරවා ඔවුන්ට ආශීර්වාද කරමින් මෙසේ කී ය: Sinhala New Revised Version 2018 රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී, මුහුණ හරවා ඔවුන්ට ආශීර්වාද කරමින් මෙසේ කී ය: |
දාවිත් දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකර තීන්දුකළ පසු සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාදකෙළේය.
දාවිත් දවන පූජාවද ශාන්ති පූජාද ඔප්පුකර නිමවූ විට, ඔහු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේය.
හෙසකියාද අධිපතීහුද ඇවිත් ගොඩවල් බලා ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්රායෙල්ටත් ප්‍රශංසාකළෝය.
රජතෙමේ මුහුණ හරවා මුළු ඉශ්රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්රායෙල් සභාවට ආශීර්වාදකෙළේය.
පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.
තවද යේෂුවාද බානීද ෂේරෙබියාද යාමීන්ද අක්කූබ්ද ෂබ්බෙතයිද හෝදියාද මයසේයාද කෙලීටාද අසරියාද යෝසාබාද්ද හානාන්ද පෙලායාද ලෙවීවරුද ව්‍යවස්ථාව සෙනඟට තේරුම්කරදුන්නෝය. සෙනඟ තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය.
ඉශ්රායෙල් වංශය සියලු අන්‍ය ජාතීන්ගෙන් වෙන්ව සිටගන තමුන්ගේ පව්ද තමුන්ගේ පියවරුන්ගේ අපරාධද කියාදුන්නෝය.
ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය. ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශීර්වාදකෙළෙමුව.
වලාටැඹ කූඩාරමේ දොරකඩ ළඟ සිටිනවා දුටු විට මුළු සෙනඟ නැගිට එක එක අය තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට නමස්කාර කළෝය.
බොහෝ සමූහයන් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක; මුළු සමූහයා වෙරළෙහි සිටියෝය.
මෙසේ යෝෂුවා ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන් යන්ට හැරියේය. ඔව්හු තමුන්ගේ කූඩාරම්වලට යන්ට ගියෝය.