Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 8:7 - Sinhala Revised Old Version

7 තවද යේෂුවාද බානීද ෂේරෙබියාද යාමීන්ද අක්කූබ්ද ෂබ්බෙතයිද හෝදියාද මයසේයාද කෙලීටාද අසරියාද යෝසාබාද්ද හානාන්ද පෙලායාද ලෙවීවරුද ව්‍යවස්ථාව සෙනඟට තේරුම්කරදුන්නෝය. සෙනඟ තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 තවද, ජේෂුවා ද බානී ද ෂෙරෙබියා ද ජාමීන් ද අක්කුබ් ද ෂබ්බෙතයි ද හෝදියා ද මයසේයා ද කෙලීටා ද අශරියා ද ජොශාබාද් ද හානාන් ද පෙලායා ද යන ලෙවීවරු ද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටිය දී ම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 තවද, ජේෂුවා ද බානී ද ෂෙරෙබියා ද ජාමීන් ද අක්කුබ් ද ෂබ්බෙතයි ද හෝදියා ද මයසේයා ද කෙලීටා ද අශරියා ද ජොශාබාද් ද හානාන් ද පෙලායා ද යන ලෙවීවරු ද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටිය දී ම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 8:7
27 හුවමාරු යොමු  

එවිට යේෂුවාද බානීද කද්මීයෙල්ද ෂෙබනියාද බුන්නීද ෂේරෙබියාද බානීද කෙනානීද ලෙවීවරුන්ගේ මංචකයේ පඩි පිට සිට මහත් හඬකින් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකළෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියෙවූ සියලු පනත් නුඹලා ඔවුන්ට උගන්වන පිණිසද ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල නියෝගයක් වන්නේයයි කීසේක.


ඔවුන් ගාව බෙන්යමින්ද හෂ්ෂූබ්ද තමුන්ගේ ගෙය ඉදිරිපිට අලුත් වැඩියාකළෝය. ඔවුන් ගාව අනනියාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍රවූ අසරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියාකෙළේය.


මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.


අසරියාද එස්රාද මෙෂුල්ලාම්ද,


තවද දොරටු රැකවල්කළාවූ අක්කූබ්ද ටල්මොන්ද ඔවුන්ගේ සහෝදරයෝවූ දොරටුපාලයෝද එකසිය හැත්තෑ දෙදෙනෙක්ය.


ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන් දෙවියන්වහන්සේගේ ගෘහයේ පිටත කාරණා බලාගත්තාවූ ෂබ්බෙතයිද යෝසාබාද්ද;


හෝදියාද හාෂුම්ද බේශයිද;


සෙරායාද අසරියාද යෙරමියාද;


ඒ පිණිස සාදනලද ලී මංචකයක් පිට ලියන්නාවූ එස්රා සිටියේය; ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියාද ෂෙමාද අනායාද උරියාද හිල්කියාද මයසේයාද; වම් පැත්තෙන් පෙදායාද මිෂායෙල්ද මල්කියාද හාෂූම්ද හෂ්බද්දානාද ශෙකරියාද මෙෂුල්ලාම්ද සිටියෝය.


ඔහු ගාව මිශ්පායේ අධිපතියාවූ යේෂුවාගේ පුත්‍රවූ එසෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැගුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියාකෙළේය.


ඔහු ගාව ලෙවීවරු බානීගේ පුත්‍රවූ රෙහුම් [යටතේ] අලුත්වැඩියාකළෝය. ඔහු ගාව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියාකෙළේය.


ඔව්හුද අප කෙරෙහි තිබුණු අපේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය ප්‍රකාරයට ඉශ්‍රායෙල්ගේ පුත්‍රයා වන ලෙවීගේ පුත්‍රවූ මාලීගේ පුත්‍රයන්ගෙන් බුද්ධිමත් මිනිසෙකුදවූ, ෂේරෙබියාද ඔහුගේ පුත්‍රයන් සහ සහෝදරයන්ද දහඅට දෙනෙකුත්,


හෙසකියා ස්වාමීන්වහන්සේගේ මෙහෙය ගැන සමර්ථකම ඇති සියලු ලෙවීවරුන්ට මිත්‍රකමින් කථාකෙළේය. ඔව්හු ශාන්ති පූජා ඔප්පුකරමින්ද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්ද සත් දවසක් මංගල්‍ය පූජාවලින් කෑවෝය.


ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.


සියලු ඉශ්‍රායෙල්වරුන්ට ඉගැන්නුවාවූද ස්වාමීන්වහන්සේ උදෙසා ශුද්ධව සිටියාවූද ලෙවීවරුන්ට ඔහු කථාකොට: ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් විසින් සෑදූ ගෘහයෙහි ශුද්ධ පෙට්ටිය තබන්න; නුඹලාගේ කර පිට තවත් බරක් නැත. දැන් නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් සේවයකර,


එස්රා උතුම් දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකෙළේය. මුළු සෙනඟද අත් ඔසවමින්: ආමෙන් ආමෙන් කියා, මුහුණින් බිමට නැමී ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.


මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත පැහැදිලිලෙස කියවා අර්ථය තෝරාදුන්නෝය, මිනිස්සුද කියෙවු දේ තේරුම්ගත්තෝය.


එසේ මුළු සෙනඟ කන්ටත් බොන්ටත් කොටස් අරින්ටත් බොහෝසේ ප්‍රීතිවෙන්ටත් ගියෝය, මක්නිසාද තමුන්ට දන්වනලද වචන ඔව්හු තේරුම්ගත්තෝය.


රජ තෙමේ මුහුණ හරවා මුළු ඉශ්‍රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්‍රායෙල් සභාවට ආශීර්වාදකරමින් කියනුයේ:


ඔව්හු තමුන්ගේ ස්ථානයෙහි නැගිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාපොත කියෙවුවෝය; තවත් හතරෙන් කොටසක් තුළ පව් කියාදී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්