ඉශ්‍රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව නුඹලා දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය.
1 රාජාවලිය 4:13 - Sinhala Revised Old Version රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය. Sinhala New Revised Version රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි. Sinhala New Revised Version 2018 රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි. |
ඉශ්‍රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව නුඹලා දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය.
අනාගතවක්තෘවූ එලිෂා ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුට අඬගසා: නුඹ ඉඟටිය බැඳගෙන මේ තෙල් කුලාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.
මෙසේ නිම්ෂීගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු යෝරාම්ට විරුද්ධව කුමන්ත්‍රණයකෙළේය. (එකල යෝරාම්ද සියලු ඉශ්‍රායෙල්වරුද සිරියේ රජවූ හසායෙල් නිසා රාමොත්-ගිලියද් මුරකරමින් සිටියෝය.)
ගෙෂූර්වරුද සිරියවරුද යායිර්හි නුවරවල් සහ කෙනාත්ද ඊට අයිති ගම් වන නුවරවල් සැටක්ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝය. මේ සියල්ලෝ ගිලියද්ගේ පියවූ මාකීර්ගේ පුත්‍රයෝය.
තලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද්ද බාෂාන්හි ඕග්ගේ රාජ්‍යයේ නුවරවල් වූ සලෙකා සහ එද්රෙයි දක්වා මුළු බාෂාන් රටද අල්ලා ගතිමු.
එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගතිමු; ඔවුන්ගෙන් අල්ලා නොගත් එක නුවරක්වත් නොවීය; එනම් නුවරවල් හැටක් ඇත්තාවූ බාෂාන්හි වූ ඕග්ගේ රාජ්‍යය වන මුළු අර්ගොබ් පළාත අල්ලාගතිමු.
එකල අපි යොර්දානෙන් මෙගොඩ අර්ණොන් ඔයේ පටන් හෙර්මොන් කන්ද දක්වා තිබෙන දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා අතින් ගතිමු.
ඒ නුවරවල් නම් රූබෙන්වරුන්ට තැනිතලා රටේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද්වරුන්ට ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේවරුන්ට බාෂාන්හි තිබෙන ගෝලන්ද යන මේවාය.
යෙරිකෝවට නැගෙනහිරෙන් යොර්දානෙන් එගොඩ රූබෙන් ගෝත්‍රයෙන් තලාවේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන්ද ඔව්හු නියමකළෝය.
ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද