Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:12 - Sinhala Revised Old Version

12 අහිලූද්ගේ පුත්‍රවූ බානාට තයනාක්ද මෙගිද්දෝද ශාරෙතාන්ට කිට්ටුව යෙස්‍රෙයෙල්ට පහළින් තිබෙන මුළු බෙත්-ෂෙයාන්ද වැටුණේය. ඒ පළාත බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වාද යොක්මෙයාම්ට එහා සීමා දක්වාද පිහිටා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:12
13 හුවමාරු යොමු  

තවද ඉස්සාඛර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නුවරවල්ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නුවරවල්ද දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද ඒන්-දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද තයනාක් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද මෙගිද්දෝ වැසියන් සහ ඊට අයිති නුවරවල්ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේය.


නිම්ෂිගේ පුත්‍රවූ යේහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට ආලේපකරන්න. ආබෙල්-මෙහොලාහි ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා නුඹ වෙනුවට අනාගතවක්තෘකමට ආලේපකරන්න.


රජවරු ඇවිත් යුද්ධකළාහුය; එවිට තයනාක්හිදී මෙගිද්දෝ ජලය ළඟ කානාන් රජවරු යුද්ධකළෝය. මුදලෙන් ඔවුන්ට කොල්ලයක් නොලැබුණේය.


ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.


යොක්මෙයාම් සහ ඒකේ පිට-බිම්ද බෙත්-හෝරොන් සහ ඒකේ පිට-බිම්ද;


ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.


රජ යොර්දාන් සමභූමියෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තුකෙරෙව්වේය.


සියලු වික්‍රමාන්විත මනුෂ්‍යයෝ නැගිට, මුළු රාත්‍රියේ ගොස්, බෙත්-ෂාන්හි පවුරෙන් සාවුල්ගේ මළකඳද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන්ද රැගෙන යාබෙෂ්ට ඇවිත්,


ඔහුගේ ආයුධ ඔව්හු අෂ්ටාරොත්ගේ ගෘහයේ තැබුවෝය. ඔහුගේ ශරීරය බෙත්-ෂාන්හි පවුරට සවිකර එල්ලා තැබුවෝය.


ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.


කෙදෙෂ්හි රජ එක්කෙනෙක්ය; කර්මෙල්ට අයිති යොක්නෙයාම්හි රජ එක්කෙනෙක්ය;


නුමුත් සාවුල්ගේ දුවවූ මේරබ් දාවිත්ට දෙන්ට නිසි කාලයේදී ඕතොමෝ මෙහොලාතිය අද්‍රියෙල්ට භාර්යාවකොට දෙනලද්දීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්