Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 3:4 - Sinhala Revised Old Version

4 එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගතිමු; ඔවුන්ගෙන් අල්ලා නොගත් එක නුවරක්වත් නොවීය; එනම් නුවරවල් හැටක් ඇත්තාවූ බාෂාන්හි වූ ඕග්ගේ රාජ්‍යය වන මුළු අර්ගොබ් පළාත අල්ලාගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 තවද, එකල අපි ඔවුන්ගේ නගරවලින් එකක් වත් නෑර, නගර සියල්ල ම අල්ලා ගතිමු. එනම්, නගර හැටක් සහිත බාෂාන්හි රජකම් කළ ඕග් රජුගේ රාජධානිය වූ, මුළු අර්ගොබ් පළාත ම අල්ලා ගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 තවද, එකල අපි ඔවුන්ගේ නගරවලින් එකක් වත් නෑර, නගර සියල්ල ම අල්ලා ගතිමු. එනම්, නගර හැටක් සහිත බාෂාන්හි රජකම් කළ ඕග් රජුගේ රාජධානිය වූ, මුළු අර්ගොබ් පළාත ම අල්ලා ගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 3:4
10 හුවමාරු යොමු  

රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය.


එසේ ඔව්හු ඔහුගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන තුරු ඔහුට හා ඔහුගේ පුත්‍රයන්ටද ඔහුගේ සියලු සෙනඟටද පහරදී ඔහුගේ දේශය හිමිකර ගත්තෝය.


ගිලියද්හි ඉතුරු කොටසද ඕග්ගේ රාජ්‍යයවූ මුළු බාෂාන් රටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. (ඒක රෙඵායිම් යෝධයන්ගේ දේශයයයි කියන මුළු බාෂාන් වන මුළු අර්ගොබ් පළාතය.


මනස්සේගේ පුත්‍රවූ යායිර් තෙම ගෙෂූර්වරුන්ගේද මාකාත්වරුන්ගේද සීමාව දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලාගන ඒවාට එනම් බාෂාන්ට අද දක්වා තිබෙන්නාක්මෙන් තමාගේ නාමය ප්‍රකාර හව්වොත්-යායිර්යයි නම තැබුවේය.)


එසේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද අප අතට පාවාදුන්සේක. අපිද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවන තුරු පහරදුනිමු.


මේ සියලු නුවරවල් උස්වූ පවුරුවලින්ද ද්වාරවලින්ද අගුල්වලින්ද සුරක්ෂිතකර තිබුණේය; ඒවා ඇර පවුරු නැති නුවරවල් මහත් ගණනක්ද අල්ලාගතිමු.


අර්ණොන් ඔයබඩ තිබෙන අරෝයෙර් පටන් හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා යොර්දානෙන් එගොඩ


රෙපායිම්වරුන්ගෙන් ඉතුරුව සිටිය බාෂාන්හි රජවූ ඕග්ගේ පළාතටත් පහරදී ඔව්හු එය හිමිකරගත්තෝය. ඔහු අෂ්තාරොත්හිත් එද්‍රෙයෙහිත් වාසය කොට


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්