1 රාජාවලිය 22:39 - Sinhala Revised Old Version ආහබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහු සෑදූ ඇත් දත් ගෙයද ගොඩනැගූ සියලු නුවරවල්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද? Sinhala New Revised Version ආහබ්ගේ සෙසු ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු සෑදූ ඇත් දත් ගෙය ද ගොඩනැඟුවාවූ සියලු නගරවල් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? Sinhala New Revised Version 2018 ආහබ්ගේ සෙසු ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු සෑදූ ඇත් දත් ගෙය ද ගොඩනැඟුවාවූ සියලු නගරවල් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? |
මක්නිසාද මුහුදේ, හීරාම්ගේ නැව් සමඟ තර්ෂීෂ් නැව් රජුට තිබුණේය. ඒ තර්ෂීෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.
යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.
ආසාගේ අනික් සියලු කාරණාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු කළ සියල්ලද ඔහු ගොඩනැගූ නුවරවල්ද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? නුමුත් ඔහුගේ මහලු වයසේදී ඔහුගේ පාදවල රෝගයක් සෑදී තිබුණේය.
නාදාබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
සිම්රිගේ අනික් ක්‍රියාද ඔහු කළ ද්‍රෝහිකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
ඔම්රී කළාවූ අනික් ක්‍රියාද ඔහු කළ බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
බාෂාගේ අනික් කාරණාද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
ෂල්ලුම්ගේ අනික් ක්‍රියාද ඔහු කළාවූ කුමන්ත්‍රණයද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.
ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවූවෝය.
දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දෝව සිටියෝය. බොහෝ ද්වීපයෝ නුඹ යටතේ වෙළඳාම්කළෝය; ඔව්හු ඇතුන්ගේ දළ සහ කළුවර ලී හුවමාරුවට නුඹ කරා ගෙනාවෝය.
බාෂාන්හි අලෝන ලීවලින් නුඹේ හබල් සෑදුවෝය; නුඹේ ආසන කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත්දත් ගිල්ලෙවුවෝය.
මම ශීත සෘතු නිවාසයටත් ග්‍රීෂ්ම සෘතු නිවාසයටත් පහරදෙන්නෙමි. ඇත්දත් ගෙවල් විනාශවෙනවා ඇත, මහත් ගෙවල්ද පහවෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඇත්දත් ඇඳන්වල සැතපෙන්නාවූ, තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නාවූ, රැළෙන් බැටළුපැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නාවූ,