Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:39 - Sinhala New Revised Version 2018

39 ආහබ්ගේ සෙසු ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු සෑදූ ඇත් දත් ගෙය ද ගොඩනැඟුවාවූ සියලු නගරවල් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ආහබ්ගේ සෙසු ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු සෑදූ ඇත් දත් ගෙය ද ගොඩනැඟුවාවූ සියලු නගරවල් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 ආහබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහු සෑදූ ඇත් දත් ගෙයද ගොඩනැගූ සියලු නුවරවල්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:39
16 හුවමාරු යොමු  

සිසිර නිවාස හා ග්‍රීෂ්ම නිවාස සිඳබිඳ දමමි; ඇත්දත් මන්දිර වැනසී යයි; හැම මහා මන්දිරයක් ම විනාශවනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


සුඛෝපභෝගී කදිම යහන්වල හාන්සිවන, කවිච්චිවල දිගා වී සිටින්න ප්‍රිය කරන, වහු මස් හා එළු මස් කාදමන ඔබට වන විපතක මහත!


දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දන් ව සිටියෝ ය. බොහෝ මුහුදුබඩ වැසියෝ නුඹ යටතේ වෙළෙඳාම් කළෝ ය. ඔව්හු ඇත් දළ සහ කළුවර ලී බඩු හුවමාරුවට නුඹ කරා ගෙනාවෝ ය.


බාෂාන්හි ආලෝන ලීවලින් නුඹේ හබල් සෑදූ හ. නුඹේ නැවේ තට්ටුව කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත් දත් ගිල්වූ හ.


ඔබේ රාජකීය වස්ත්‍රවලින් සඳුන්, කපුරු, කස්තුරි සුවඳ විහිදෙයි. ඇත්දත් මාලිගාවල සංගීතකරුවෝ ඔබ මන පිනවති.


ඔම්රී කළ අනික් ක්‍රියා ද ඔහු කළ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


සිම්රී පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ ද්‍රෝහිකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


බාෂා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ දේවල් ද ඔහුගේ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


නාදාබ් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ආසා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු කළ සියල්ල ද ඔහු ගොඩනැඟුවාවූ නගර ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? එහෙත්, ඔහුගේ මහලු වයසේ දී, ඔහුගේ පාදවල වූ රෝගයකින් ඔහු දුක් වින්දේ ය.


ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.


මන්ද, මුහුදු යාත්‍රා කරන හීරාම්ගේ නැව් කණ්ඩායම සමඟ වෙළෙඳ නැව් කණ්ඩායමක් රජුට විය. ඒ වෙළෙඳ නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් හා රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනාවේ ය.


තවද, රජ ඇත් දත්වලින් මහා සිංහාසනයක් සාදා තනිකර රනින් එය වැසී ය.


මෙසේ ආහබ් මියගියේ ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.


අහසියා කළ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ෂල්ලුම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්