Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 1:18 - Sinhala Revised Old Version

18 අහසියා කළ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 අහසියා කළ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 අහසියා කළ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 1:18
15 හුවමාරු යොමු  

ආහබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහු සෑදූ ඇත් දත් ගෙයද ගොඩනැගූ සියලු නුවරවල්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?


යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


මෙසේ එලියා කී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ඔහු මළේය. ඔහුට පුත්‍රයෙකු නොසිටිය බැවින් ඔහු වෙනුවට යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම්ගේ දෙවෙනි අවුරුද්දේදී රජවුණේය.


තවද ස්වාමීන්වහන්සේ එලියා සුළි හුළඟකින් ස්වර්ගයට ගන්ට කැමතිවූ ප්‍රස්තාවේදී එලියා එලිෂා සමඟ ගිල්ගාල්හි සිට ගියේය.


යේහුගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ සියලු බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


යෙහෝවාහාස්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ වික්‍රමයද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ බලවන්තකම් වන ඔහු යූදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධකළ හැටිද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


යෙහෝවාෂ් කළ අනික් ක්‍රියාද ඔහුගේ වික්‍රමයද ඔහු යූදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධ කළ හැටිද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


යෙරොබොවම්ගේ අනික් ක්‍රියාත් ඔහු කළ සියල්ලත් ඔහුගේ වික්‍රමය එනම් ඔහු යුද්ධකළ හැටිත් යූදාට අයිතිව තිබූ දමස්කයද හමාත්ද ඔහු නැවත ඉශ්‍රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


ශෙකරියාගේ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


මෙනහෙම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේකෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.


පෙකහියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියාතිබේ.


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.


පෙකාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්